කොළඹ නගරයේ අයි.එස්. මෙහෙයුමක්?


 

(දයාසීලි ලියනගේ)  
රත්මලාන ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇ​ෙමරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි එස් සංවිධානය කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ඇ​ෙමරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ.  

මේ නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පිළිබඳව වහාම සොයා බලා පියවර ගන්නා ලෙසටද දන්වා ඇතැයි වාර්තාවේ.  


මේ තත්ත්වය නිසා ඇ​ෙමරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරින් පිරිසක් දැනටමත් දිවයිනට පැමිණ සිටින බවද දැනගන්නට ඇත.  
අනතුරුදායක තත්ත්වය පිළිබඳව ඇති තොරතුරු නිසා තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරින් වැඩි වේලාවක් තානාපති කාර්යාලයේ රැඳී නොසිටින බවටද තොරතුරු වාර්තාවේ.  


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේ සංචාරය කළ අවස්ථාවේදීද එරට ආරක්ෂක අංශ මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබූ බවද දැන ගන්නට ඇත.