කුණු කන්ද පහත් කරන්න කෝටි දහනවයක්


(දයාසීලි ලියනගේ) 
මීතොටමුල්ල කුණු කන්ද පහත් කිරීම සඳහා 2015/2016 වර්ෂවල කුලියට ලබාගත් එස්කැවේටර් හා බුල්ඩෝසර් යන්ත්‍ර වෙනුවෙන් කොළඹ මහ නගර සභාව රුපියල් කෝටි 19 1/4 ක මුදලක් වැය කර ඇත. 

 වර්ෂ 2010 දී මිලියන 34 ක්, 2012 දී මිලියන 54 ක්, 2013 දී මිලියන 55, 2015 දී මිලියන 182ක් මේ සඳහා වැයකර ඇතත්, පහුගිය අප්‍රේල් මාසයේදී කුණු කන්ද නාය යාමෙන් ජීවිත ගණනාවක් හා දේපොළ විනාශ විය. 


 මෙම වාහන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එකම ආයතනයකින් පමණක් කුලියට ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.