එජාපයේ පළාත් පාලන මන්ත්‍රීන් තවත් 200 ක් ඉවතට?


(දයාසීලි ලියනගේ)  

එජාපයෙන් පත්ව සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන් 1700 අතරින් දෙසීයක පමණ පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද‌ාළ විනය පරීක්ෂණ ලිපිගොනු අධ්‍යයනය කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.  

මේ පිරිස සම්බන්ධයෙන් ඇති චෝදනා පරීක්ෂණ මණ්ඩල හයක් මගින් විමර්ශනය කරමින් සිටින බව ද දැනගන්නට ඇත. මේ අතර සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වෙන හිටපු ඇමැතිවරු, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 54 ක් හා පළාත් පාලන නියෝජිතයන් 61 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර තිබෙන බව ද මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.