එජාප පසුපෙළ මන්ත්‍රී 52 ක් අමාත්‍යංශ අධීක්ෂණයට


(දේශපාලන වාර්තාකරු විසිනි)  
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල කටයුතු සොයා බැලීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.  

දැනට රජයේ තනතුරු හිමි වී නැති පසුපෙළ මන්ත්‍රීවරුන් 52 දෙනකු පමණ මේ සඳහා පත්කිරීමට යෝජනා වී ඇති බවද පැවසේ.  


අමාත්‍යංශවල කටයුතු පහසුකර ගැනීමත් පසුපෙළ මන්ත්‍රීවරුන්ට කාර්ය භාරයක් පැවැරීමත් අරමුණු කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට තිබේ.  


රජයේ කැබිනට් ඇමැති ධුර 42 න් 31 ක් පමණ එක්සත් ජාතික පෙරමුණට හිමිව ඇත.