එජාප පසුපෙළ මන්ත්‍රීන්ට අමාත්‍යංශ අධීක්ෂණ වගකීම්


(දයාසීලි ලියනගේ) 

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සංවර්ධන කටයුතු වලට සහභාගි කර ගැනීම සඳහා යළි අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ඇති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 

එම වැඩ පිළිවෙළ යටතේ කලින් අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත් කර සිටි සියලු පසුපෙළ මන්ත්‍රීවරු යළි ඒ ඒ අමාත්‍යාංශ සඳහා පත් කර ඇත. 


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ දීමනා ගෙවීමකින් තොරව අධීක්ෂණ මන්ත්‍රී පත්වීම් ලබාදී ඇති බවයි. 
ඒ යටතේ තමන්ට අධිකරණ හා බන්ධනාගාර අමත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී තනතුර හිමි වී තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා කීය. 


අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට විශේෂ පහසුකම් ලබාදී නැති අතර, ඔවුන් අමාත්‍යාංශවල සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පත්කර ඇත.