එජාප නව මහලේකම් 26 වැනිදා කෘත්‍යාධිකාරියේදී


(දේශපාලන ලියුම්කරු විසිනි) 
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙම මස 26 වැනිදා පැවැත්වීමට ඉකුත් 19 වැනිදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණි. මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ අභිනව මහලේකම්වරයා පත් කිරීමට නියමිතය. 

මේ වනවිට පක්ෂයේ අභිනව මහ ලේකම් ධුරයට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම යෝජනාවී ඇති අතර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ මහතාගේ නාම යෝජනා ස්ථිරවනු ඇතැයි සඳහන් වේ. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ ඒ මහතාගේ නම යෝජනාවී තිබෙන අතර එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ඒ මහතාට මේ වනවිටත් පළවී තිබේ.