උමාඔයේ හානිය බලන්න ඒකාබද්දෙන් කමිටුවක්!


 

(දයාසීලි ලියනගේ)  
උමාඔය ව්‍යාපෘතියෙන් සිදු වූ හානිය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්ෂය මගින් ද මන්ත්‍රී කමිටුවක් පත් කර ඇත.  
චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස පද්ම උදයශාන්ත ගුණසේකර, රංජිත් සොයිසා හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු පත් කර සිටිති.

උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය රජයට ඉදිරිපත් කෙරෙන චෝදනා නිසා මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.  


මොනරාගලට හා හම්බන්තොටට ජලය ගෙනයාමට ක්‍රියාත්මක කරන ලද උමාඔය ව්‍යාපෘතිය රටට විශාල වාසිදායක ව්‍යාපෘතියක් බව තීරණය කර තිබිණි. පසුගිය රජය යෝජනා කරන ලද මෙම ව්‍යාපෘතියේ කිසිදු වැරැද්දක් නොමැති බවද ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.