උතුරට ෆෙඩරල් ඕනෑමයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
උතුරු පළාතේ ජනතාවගේ ගැටලු විසඳීමට නම් අනිවාර්යයෙන් උතුරට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.  

මේ පිළිබඳ ආණ්ඩුවට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කළේය.  යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළත් කළ යුතු බවත් බලය බෙදාදීම අනිවාර්ය කළ යුතු බවත් ඔහු පැවසීය.  


ඒකීය රාජ්‍යය යන සංකල්පය වෙනුවට එක්සත් රටක් ලෙස ව්‍යවහාර කළ යුතු බවත් ඒ තුළින් උතුරේ ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.  


එහෙත් ආණ්ඩුව මේ පිළිබඳ අදහස් මගහැරීම නිසා උතුරේ ගැටලු තවත් ව්‍යාකුලවන බව ඔහු පෙන්වා දෙයි.