ඇමෙරිකා හමුදාවට පහසුකම් දෙන තවත් ගිවිසුමකට කතාබහ


 

(දයාසීලි ලියනගේ)   

ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන්ට මෙරට වරප්‍රසාද ලබා දෙන සෝෆා ගිවිසුමට අත්සන් තැබීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.   
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ සෝෆා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට දී නීති විරෝධී ක්‍රියාවකට අත්අඩංගුවට ගන්නා ඇමෙරිකානු භටයෙක් සම්බන්ධයෙන් මෙරට නීතියට අනුව ඉදිරි කටයුතු කළ නොහැකි වන බවයි.   

මීට අමතර ගුවන් තොටුපළේ දී හා වරායේ දී ඔවුන්ගේ සියලු භාණ්ඩවලට බදු අය නොකරන බව ද බිමල් රත්නායක මහතා කීය. ඇමෙරිකාවේ යුද මෙහෙයුම්වලට පහසුකම් ලබා දෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබූ ගිවිසුම 2017න් අවසන් වූ අතර එම ගිවිසුම යළි දීර්ඝ කර ඇතැයි ද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කීය.