ඇඳිරිය ගම්පහට කොළඹට විතරයි කළුතර-පුත්තලමෙන් ඉවතට


(සුජිත් හේවාජුලිගේ) 

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි. 

මෙතෙක් නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබ ඇත. 


ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි. 


කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා (11) සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

 
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම කලින් සැලසුම් කළ පරිදි සඳුදා (11) ඇරඹේ. 


කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.