ආණ්ඩුවක් තියෙන බව පෙනෙන්න වැඩ කරන්න


ජනපතිගෙන් ඇමැතිවරුන්ට උපදෙස්

(දයාසීලි ලියනගේ)  
රජයක් තිබෙන බව ජනතාවට පෙනෙන ආකාරයට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුනට උපදෙස් දී ඇත.  

රජය සංවර්ධන වැඩ කොතරම් කළත් ඒවා සම්බන්ධයෙන් ජනතාව දැනුවත්වීම ප්‍රමාණාවත්ව සිදු නොවන බැවින් ඒ සඳහා සුදුසු පරිදි කටයුතු කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි සඳහන් වේ.  විශේෂයෙන් මුස්ලිම් අන්තවාදීන් කෙටි කාලයකින් පරාජය කිරීම පිළිබඳව විදේශවල පවා කතා බහට ලක් වී ඇති බව ප්‍රකාශ කර ඇත.  ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට වේගයෙන් කටයුතු කිරීම ඉතාම ප්‍රශංසනීය වන අතර ඒවා ගැන මේ රටේ ජනතාව ද දැනුවත් කළ යුතුව ඇතැයි ද ප්‍රකාශ කර ඇත.