අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිටද? ඥානසාර හිමිටද?


තීන්දුව අද

(අජන්ත කුමාර අගලකඩ)  

මෙවර මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරෙන්නේ අතුරලියේ රතන හිමියන්ද නැතිනම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ද යන්න අද (09) පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කෙරෙනු ඇතැයි එම පක්ෂ අාරංචි මාර්ග සඳහන් කරයි.   

මෙවර කොඩිය ලකුණ යටතේ තරග කළ අපේ ජනබල පක්ෂයට කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වුවද ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය. එම පක්ෂයට මුළු දිවයිනෙන්ම ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 67,758 කි. 


අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමියන් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ අතර, ඥානසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කිරීමට නාමයෝජනා බාරදුන් නමුත් එය ප්‍රතික්ෂේප විය.