අතුරු තහනම් නියෝගය තිබුණත් මහින්ද රජය ගත් තීන්දු නීත්‍යානුකූලයි


හිටපු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න  

(දයාසීලි ලියනගේ)  

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මකවූ කාලයේ ගන්නා ලද සියලු තීන්දු තීරණ නිත්‍යානුකූල බව හිටපු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා කියයි.  

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩලය නීත්‍යානුකූල එකක් වන බැවින් ඒ කාලයේ ගන්නා ලද සියලු තීන්දු තීරණ වලංගු වන බවද ඔහු ප්‍රකාශ කළේය.  
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙන අතර එම තීන්දුව මෙයට බලපෑමක් නොවන බවද ඔහු කීය.  


එහෙත් දැනට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක් පවතින බවද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය.