අගමැතිගේ අණ නොතැකූ ආරක්ෂක මණ්‍ඩලය ගැන පරීක්ෂණයක්


(දයාසීලි ලියනගේ)  

ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙන විට ජනාධිපතිවරයා විදේශගත වී සිටි නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලය රැස් කිරීමට දෙවතාවක් උත්සාහ කළත්, අසාර්ථක වී ඇති බව වාර්තා වේ.  

අගමැතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ආරක්ෂක මණ්ඩලය සාමාජිකයන්ව කැඳවූවත් ඔවුන් පැමිණ නැති බව සඳහන් වේ.  


අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ කාමරයට වී පැය 1/2කට ආසන්න කාලයක් රැඳී සිටි බවද දැන ගන්නට ඇත.  
ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැතිවරයා ද සහභාගි වී ඇති අතර, එහිදී ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ගත් උත්සාහය අසාර්ථකවීම පිළිබඳව චෝදනා කර ඇත.  


ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී ඇත.