අඩු මිලට විදුලිය සැපයී​ෙම් සැලැස්මට උපයෝගිතා කොමිසම හරස් වෙයි


(දයාසීලි ලියනගේ)  
අඩු මිලට විදුලිය සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද දිගු කාලීන ජනන සැලැස්ම ප්‍රතික්ෂේප කර මහජන උපයෝගීතා කොමිසම මගින් ඉදිරිපත් කරන ලද විකල්ප සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට හා ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයකට සම්බන්ධ නොවීමටත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය තීරණය කර ඇත.  

මහජන උපයෝගීතා කොමිසමට පැවරී ඇති කාර්යභාරය වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරන සැලැසුම් අඩු වියදම් සහ පවතින බලශක්ති ප්‍රතිපත්ති රාමුව තුළ සැකසී ඇත්ද යන්න පිළිබඳව සලකා බලා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පමණකි.  


එම සීමාවන් ඉක්මවා යමින් මහජන උපයෝගීතා කොමිසමට දිගු කාලීන ජනන සැලසුම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.  මහජන උපයෝගීතා කොමිසමේ ක්‍රියාවට විරෝධය දක්වා ඔවුන්ගේ සැලැස්මට අදාළ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවද කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය.