​ෙපර භවයන් සොයා ඉගිළෙන සුපිරි විඥානය


 

 

පියවි ඇසට දක්නට ලැබෙන්නේ අනන්ත විශ්වයේ ඇති තරු රටා සහ ආකාශ වස්තූන්ට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයකි. අති විශාල තාරකා සමූහ රැගත් විවිධ හැඩ ගන්නා මන්දාකිණිවලින් සමන්විත විශ්වය අතිශය විචිත්‍රය.   


අප ජීවත්වන පෘථිවිය පිහිටන සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ මෙවැනි තරු පංතියකට අයත් ක්ෂිර පථය නම් චක්‍රවාටය තුළය. චක්‍රවාට ක්‍රමයෙන් එකිනෙක ඈත්වෙමින් පවතින අතර මුළු විශ්වයම එකම ශක්ති ජාලයකි. විද්‍යුත් චුම්බක තරංග සහ විවිධ සංඛ්‍යාතවලින් යුත් විශ්ව ශක්ති ජාලාවද අපරිමිතය. අප ඇතුළු ගහ කොළ හා පෘථිවිය ද ඉර හඳ, සියලු ග්‍රහ වස්තූන් සහ තාරකා ද එකම ශක්ති ජාලයකි. ඝන ද්‍රව්‍ය ලෙස දර්ශනය වුවද විශ්වයේ පවතින සියලු දෙය පදාර්ථ නොවන බවත් ක්ෂණයක් පාසා කම්පන තරංග බවට අනුගත වන ශක්ති පද්ධතීන් බවත් පර් යේෂණාත්මකව තහවුරු වී ඇත.   
අනන්ත විශ්ව ශක්ති ජාලයේ මම යනුවෙන් හඳුන්වා ගනු ලබන්නේ එහි කුඩා තිතක් බඳු ශක්ති පුංජයකි. විශ්වයට විවර වන්නේ මිනිසා සතු උප විඥානය හෙවත් යටි සිතයි. පංචේන්ද්‍රියයන් හරහා උප විඳානය හෙවත් භවාංග සිත අනුව උපදින උඩු සිත සහ යටි සිත යනු එකම විඥානයයි. අනන්ත භවයන් සපුරා යන උප විඥානය හෙවත් යටි සිත විශ්ව ශක්තියේ දොරටු හා විවෘත වෙයි.   
විශ්වය ඉතා සුන්දරය. සතුට සාමය හා සෞන්දර්ය මෙන්ම සශ්‍රීකවත් බව අනුව සාධාරණ ලෙස සොබාදහමට අනුගතව ක්‍රියාත්මක වෙයි. මිනිස් උප විඥානය යනු විශ්ව විඥානයේ කුඩා තිකක් බව පෙරද කියන ලදි. මිනිසා සතු උප විඥානය විසින් සතුට, මෛත්‍රීය ආදරය එකිනෙකා අතරට පිවිසෙන විට මිනිසා සතු සුපිරි විඥානය අනන්ත විශ්වය සිසාරා මනෝමය කයින් ඉහළ යයි.   


​ෙබාහෝ විට රාත්‍රී නින්දේදී සහ භාවනාව උපයෝගී කර ගනිමින් සිදුවන මෙය මිනිසා ලබන අතිශය චමත්කාර ජනක සොඳුරු අත්දැකීමකි. අප සාමාන්‍ය අවදියෙන් සිටින විට, තර්ක බුද්ධියට යොමුවෙමින් සිතුවිලි හසුරුවමින් කතාකරමින් යනාදී ලෙස විවිධ ක්‍රියාවල නිරත වෙමු. එහෙත් ඒකාග්‍රතාවෙන් සිත සැහැල්ලු බවට පත්කළ විට සිහින බලාපොරොත්තු සහ අධිෂ්ඨාන වලින් සිත පුරවා ගන්නට හැකිවනු ඇත.   
නිසලව එක් අරමුණක සිත රඳවා තබාගැනී​ෙමන් තව තවත් ඉහළ මානසික මට්ටම් වෙත සිත ගමන්කරයි. එවිට වඩාත් සංකීර්ණ වූද, ගුප්ත වූද, විදග්ධ අත්දැකීම් කරා සිත මෙහෙය වනු ලබයි. තවදුරටත් ඉදිරියට යා හැකි සුපිරි විඥානය මතින් ඕනෑම පුද්ගලයකුට ප්‍රඥාව හෙවත් යථාර්ථවාදී සංසිඳීම මනසේ ඇතිකර ගත හැකියි. මේ සඳහා භවාන්තරගත දීර්ඝ ගමනක නිරතවීම අනිවාර්ය වෙයි.   
සත්වයා මිනිස් ස්වරූපයෙන් භව අතරට පැමිණෙන්නේ අධ්‍යාත්මික ජීවිතයේ හරවත් බව මතු කර ගැනීම සඳහායි. මිනිසා නිරතුරුවම සිහින දකියි.  
සිහින මගින් සෑම මිනිසෙකුම විශ්ව මනස හා සම්බන්ධ වන අන්දම හා එහි ක්‍රියාකාරීත්වය නිරායාසයෙන් සිදුවීම ගැන කාල් යුං නමැති මනෝ විද්‍යාඥයා විග්‍රහ කරයි. විශ්ව මනස හා සිහිනයෙන් සබඳතා දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සිහිනයකින් පසු අලුත් අදහසක් මතු කර ගනිමින් ඇතැම් ගැටලුවලට විසඳුම් ලබාගත හැකි වනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.   


එම ආකාරයෙන් සිහිනයකින් යම් සිද්ධියක් හෝ ස්ථානයක් වරින්වර දැකීම පෙර භවයට සම්බන්ධතාවක් බව සාධාරණ සනාථකිරීම් මගින් පැහැදිලි වෙයි. සිහින මගින් අතීතය මෙන්ම අනාගතය ද දැකිය හැකි බැව් ප්‍රකට කරුණකි. එහෙත් දකින සෑම සිහිනයක්ම අර්ථාත්විත නොවන බවද සැලකිල්ලට ගත යුතුය. ඒ සිහින පෙනීම විවිධ හේතු මත රඳා පවතින නිසාය.   
සිහිනයක් තුළදී ඇස්ට්‍රල් ලෝකයේ සැරිසැරීමට අපට සිදුවන බව අධි මානසික විද්‍යාඥයින් විසින් හෙළිකර ඇත. රාත්‍රී නින්දේදී උඩු සිත නිදාාවට පත් වූ විට මනෝමය සිරුර බාහිර චාරිකාවල යෙදීමට සූදානම් වන බව සත්‍ය්‍යකි. එහෙත් දරුණු ක්ලේශයන්ගෙන් මිදී තමරක් දුරට හෝ චෛතසික මට්ටම සැහැල්ලු බවට පත්කළ පුද්ගල භාවයක් ඇත්නම් විනා මෙය සිදු නොවේ. සිහින දැකීම පිළිබඳව කාල රාමුවක් නිර්ණය කළ නොහැකිය. ඒ සඳහා අවකාශයක් ද සකස් වී නොමැත.   
එහිදී යෙදෙන කාලය සහ අප සිහිනය දකින කාලය අතර සහසම්බන්ධතාවක් ද නිර්ණය කළ නොහැකිය. එසේ නම් කාල අවකාශ රාමුවෙන් නිදහස්ව සිදුවන (Non Local Experience) තිරයෙන් එහා වියුක්ත සිදුවීමක් ලෙස සිහින පෙනීම හැඳින්විය හැකිය. ඉහතින් සඳහන් වන කරුණු අනුව සිහිනයකදී නිදහස් වන මනෝමය කය භෞතික සිරුරින් නික්ම විවිධ ප්‍රතිරූප ගනිමින් අවකාශයේ සැරිසැරීමට සමත් කම් දක්වන බව සත්‍ය්‍යකි. ඒ නිසා මෙම අත්දැකීම් පෙළ ඔබගේ විමර්ශනාත්මක අවධානයට යොමුකරමි.   
මෙම සිහිනයට පසුබිම ලෙස මා දුටුවේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට රජයේ රෝහලකි. එය මා විසින් කලකට පෙර දැක පුරුදු පරිසරියකි. එහි රසායනාගාර විද්‍යාඥ නිලධාරිණියක ලෙස මගේ මිතුරියක් සේවය කළාය. මම මෙහිදී ඇය ජිනා යන අනුවර්ථ නාමයෙන් හැඳින්වීමට කැමැත්තෙමි. රෝහලේ පටු තීරුවක කෙටි බිත්තියක් මත මම වාඩිවී සිටියෙමි. කොළ පාට ඇඳුමකින් සැරසී සිටි මා වෙත ජිනා පැමිණියාය. ඇය පියවි ලොවේ සිටියදී පුරුදුව සිටි පරිදි සාරියකින් සැරසී මා අසලට පැමිණ සිටියාය.   
ඔයාගේ ඇස් වල අමුත්තක් පෙනෙනෙවා. මම කීවෙමි.   


නැහැ. ඔයාගේ දෑස් මළානික වී ගෙන එනවා. ඇය එවිගසම මට පැවසුවාය.   
ඇයගේ වදන් සත්‍යයකි. මගේ සිරුර එක්වරම මළානික වී යන අන්දම මට දැනුණි. සිතුවිලි එක්වරම ගිලී ගියේය. මා හැඟීම් දැනීම් නැති වෙනත් අයුරකට පත්වූවා සේ මට දැනුණි. මගේ සබඳතා මෙලොවින් කැඩී යන අයුරු මත දුටුවෙමි. දැන් මගේ නිසල සිරුර කෙටි තාප්පය මත තිබෙන අයුරුත් මගේ මිතුරිය විසින් මගේ සිරුර වැළඳ ගෙන විලාප නඟමින් හඬන අයුරුත් මම දකිමි.   
ඉන් පසුව ගතවූ කාලය ගැන මට දැනුමක් නොවීය. මම ඇය සොයමින් දසත සැරිසැරුවෙමි. එහෙත් ඇය එහිදී යළිත් මට දක්නට නොවීය. මට සතුටක් හෝ කනගාටුවක් ද නැත. මට සිරුරක් නැත යයි හැඟුණි.   


එහෙත් නිදහසේ පාවී මම පටු තීරුව දිගේම කුඩා දොරටුවකින් එළිමහනට පිවිසියෙමි. එවිට මා තවත් සිරුරකට අන්තර්ගතව සිටියෙමි. එය සිදු වුයේ කෙසේ දැයි මට නොහැගුණි. එය රෝහලේ පිටු පස වූ එළිමහනට පිවිසෙන කුඩා දොරටුවක් බව මට හැඟීගිය අතර හොඳින් ආලෝකය පැතිරෙමින් තිබුණි. ඒ මා බව මම පැහැදිලිව හඳුනාගතිමි. ඒ රුව ඉතා ප්‍රසන්න යෞවන වියේ පසුවන අයකු ලෙස ද මම හඳුනාගතිමි.    


මම පුෂ්ටිමත් දේහයක් සහිතව ලා දම් පැහැති ඇඳුමකින් සැරසී සිටියෙමි. මා ඉදිරියේ නගරයට පිවිසීම සඳහා වූ පටු මාවතක් විය. එය අලුත්වැඩියා කරමින් තිබු නිසා විශාල කළු ගල් අතුරා තිබුණි. මම එම ගල් මතින් පියවර තැබුවෙමි. තත්ත්පරයකටත් අඩු කලක් සේ දැනුණු නිමේෂයකින් එම ගල් මත පා තබමින් මම පාවී ආවෙමි. උල්වූ ගල්වලින් වේදනාවක් වෙනුවට පා යුගලයට සුමුදු පුළුන් පෙඳෙක මෙන් සුව පහසුවක් දැනුණි.   


තවත් විස්තර කිරීමට වැදගත්ම යමක් ඇත. මා යළිත් එම සිරුරින් ද මිදී ඇත. නැවත නිදහසේ ඉතා සැහැල්ලුවෙන් සුවදායකව මම පාවෙන්නට වීමි. පාසල් නිල ඇඳුමින් සැරසුණු බාලිකාවෝ දෙදෙනෙක් බස් නැවතුමේ සිටියහ. මම ඔවුන්ගෙන් මට අදාළ ස්ථානයට යාමට පෙර ඇසුවෙමි. එසේ විමසුවේ කුමන ක්‍රමයකින් ද යන්න පැහැදිලි නැත. සිතුවිලි මගින් යයි මට හැඟේ.   


ඔවුන්ට මා නොඅැසුණු බව මට ඉඳුරාම පැහැදිලි විය. ඉන් පසු සුදු සාරිවලින් සැරසුණු කාන්තාවන් දෙදෙනකු මට හමු විය. මම ඔවුන්ගෙන් ද පළමු ප්‍රශ්නයම ඇසීමි. එක් ළඳක් අත දිගු කර මට පාර පෙන්වුවාය. වේගවත් චලනයකින් මගේ සිරුර යළි ප්‍රකෘතිමත්ව ඇත. නැවත මම සයනයේ වැතිර සිටියෙමි.   


විඥානය බොහෝ බලසම්පන්නය. අවස්ථා විපර්යාසයට පත්වෙමින් සැමරුම් කලාවක හැසිරෙන්නට අතිශයින්ම සමත්ය. භෞතික සිරුරින් ඉවත්ව ගිය මගේ විඥානය පෙර අත් විඳි එක් භවයක් ද පෙන්වා දුන් බව සත්‍යයකි. මම මනෝමය කය සමග ඉවත්ව ගිය පසු කිසියම් ක්‍රමයකින් ප්‍රකෘති සිරුර හා බැඳී සිටි බව මම දනිමි. එය පැහැදිලි කිරීමට නොහැකිය. ස්වභාවය එයයි.   

 


අධ්‍යාපනවේදී   
චන්ද්‍ර වික්‍රමාරච්චි බණ්ඩාර