හදවත් සැත්කම්වලට තිත තියන රොබෝ හදවත


වර්ෂ 2028 දී, එනම් තවත් වසර අටකින් හදවත් බද්ධ කිරීමේ සැත්කම් අවශ්‍ය නොවන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. නෙදර්ලන්තයේ, ලන්ඩනයේ සහ කේම්බ්‍රිජ් හි විද්‍යාඥ පිරිසක් එකතු වී සිරුර පුරා රුධිරය පොම්ප කළ හැකි කෘත්‍රීම මෘදු රොබෝ හදවතක් වැඩිදියුණු කරමින් සිටිති. තවත් වසර තුනකින් මෙම හදවතේ ආදර්ශයක් යොදාගෙන සතුන් පරීක්ෂාවට ලක් කිරීමටත්, වසර අටකට පසු මිනිසුන් පරීක්ෂාවලට ලක් කිරීමටත් සැලසුම් කර තිබේ.   


හෘදය රෝග සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම සියල්ල උඩු යටිකුරු කරන මෙම රොබෝ හදවත නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය කොටස් හතරකින් යුතුය. ඒ ව්‍යාපෘතිය සඳහා පවුම් මිලියන 30ක ත්‍යාගයක්ද ලබාදීමට නියමිතය. ලෝකයේ ප්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාලවල විද්‍යාඥයෝ මෙම පර්​ෙ‌ය්ෂණයට සම්බන්ධ වී සිටිති.   


මෙම කෘත්‍රීම හදවතට අමතරව හෘද රෝග සඳහා එන්නතක්, හදවත් විකෘතිවීම්වලට ජානමය ප්‍රතිකර්මයක් මෙන්ම හෘදයාබාධ ඇතිවීමට පෙර හඳුනාගත හැකි පැලඳිය හැකි තාක්ෂණික උපකරණයක් ව්‍යාපෘතියට ඇතුළත්ය.   

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා