සෙල්ෆෝනයේ අලුත් වැඩ


නවලොව

 

ජංගම දුරකථනය කියන්නේ අද මිනිසාට අත්‍යවශ්‍යම භාණ්ඩයකි. තාක්ෂණයේ දියුණුවත් සමග ජංගම දුරකථනය බොහෝ අත්‍යවශ්‍ය සේවාවන් මෙන්ම විනෝදජනක ක්‍රීඩා සඳහා භාවිත කිරීම සුලබ දසුන්ව පවතී.  


විශේෂයෙන් ගමන් මාර්ගයන්, වෛද්‍ය චැනල් සේවාවන්, දුම්රිය කාලසටහන්, ගුවන් කාලසටහන්, ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගැනීම්, මොබිටීවී ඇප්, ගූගල් සිතියම්, අයිෆෝන් සඳහා ස්කයිප් ඇප්, ඡායාරූප සංස්කරණ ඇප්, ඡායාරූපයකට සිංහල භාෂාවෙන් අකුරු කොටා ගැනීමේ අැප්, කොම්බැංක් ඇප් වැනි ඇප් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුළ අද සැරිසරනවා.  


දිනකට ඇප් දසදහසකට වඩා අන්තර්ජාලයට එකතු වන බවයි ජංගම දුරකථන පිළිබඳ මෘදුකාංග ඉංජිනේරුවරු පවසන්නේ.  


වර්තමානයේ මොබයිල් මෙහෙයුම් පද්ධති බොහොමයක් වෙළෙඳ පොළේ දැකගත හැකි වෙනවා. ඒ අතුරින් අද ජනප්‍රියම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android OS) වේ. ඒ වගේම අයිෆෝන් (iphone OS) දුරකථන මෙහෙයුම් අද ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් වන අතර වර්තමාන ලෝකයේ ජංගම දුරකථන තුළ මහා පෙරළියක් ඇති කළ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අනෙකුත් සියලු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති අතුරින් විශේෂ වේ.  


විවිධ දුරකථන මෙහෙයුම් පද්ධති මේ අතර වනවා.  


ජංගම දුරකථනය කුමන මෙහෙයුම් පද්ධතියක් වුණත් එය ක්‍රියාකරවන්නට නම් ඇප්ලිකේෂන් (App) එකක් අවශ්‍ය වෙනවා.  


ජංගම දුරකථනයේ ඇප් (App) එකක් යනු කුමක්ද?  


ජංගම දුරකථනයේ ඇප් එක එහෙම නැත්නම් අප්ලිකේෂන් එක සිංහලෙන් (යෙදුම) ජංගම දුරකථන ක්‍රියාකරවන මෘදුකාංගයක්. ජංගම දුරකථනයේ Operating System (මොබයිල් මෙහෙයුම් පද්ධතිය) ගත්තම ලෝකයේ ගොඩක් තිබෙනවා. ඒ අතුරින් ප්‍රධාන වන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android OS) අයිෆෝන් (iphone OS) කියන අද ජනප්‍රියම දුරකථන මොබයිල් මෙහෙයුම් පද්ධති ද්විත්වයයි.  


ඇප් එකක් ජංගම දුරකථනයට download (බාගත) කරගන්නේ කොහොමද?

 
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල නම් Google Play Store (ප්ලේ ස්ටෝ) ඇප් එකෙන්ද, ඇපල් දුරකථනයක් නම් (අප්ස්ටෝ) කියන ඇප් එක හරහා ද ඔබට අවශ්‍ය ඕනෑම ඇප් එකක් බාගත කරගැනීමේ හැකියාව තිබෙනවා. මුලින්ම ජංගම දුරකථනය ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථමයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් නම් ඊමේල් ලිපිනයක් ද ඇපල් දුරකථනයක් නම් ඇපල් ID එකක් සාදාගත යුතු වෙනවා.  

 

තොරතුරු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු  
ගිහාන් රත්නායක   


ජංගම දුරකථනයට එකතුවෙන අලුත් ඇප් අතර ඡායාරූපකරණය පිළිබඳව විවිධ ඇප් වර්ග අද අන්තර්ජාලයේ සැරිසරනවා. ඡායාරූපකරණය සම්බන්ධයෙන් ඇප් භාවිතාවෙන් කරන්න පුළුවන් වැදගත් කරුණු ටිකක් සලකා බලමු.  


ඡායාරූපයක සිංහල භාෂාවෙන් අකුරු කොටා ගන්නේ කොහොමද?  


ඔබේ ජංගම දුරකථනයෙන් Google Play Store ඇප් එකෙන් Photo Editor ලෙස සටහන් කරනවා Photo editing සම්බන්ධ තිබෙන Photo Editor, Photo Cut, Photo Editor Sinhala ලෙස ඇප් රාශියක් ඔබට පෙන්වනවා. මෙයින් Photo Editor Sinhala කියන ඇප් එක ඔබට Install කර Accept කිරීමෙන් මෙම ඇප් එක ඔබේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ලැබෙනවා.  


මෙම ඇප් එක හරහා ඕනෑම ඡායාරූපයක සිංහල අකුරින් අවශ්‍ය ඕනෑම දෙයක් සටහන් තැබීමේ හැකියාව වගේම ඡායාරූප Layout කිරීම වැනි විවිධ දේවල් කරගැනීමට පුළුවන්. Photo Editor ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථමයෙන් රේටින්ග්ස් වැඩිම ඇප් එකක් තෝරා ගැනීම ඔබේ කටයුත්තට වඩාත් පහසු වෙනවා.  

 


නදීශා අතුකෝරළ