ලෝකයේ දිගම කේක් ගෙඩියක් ඉන්දියාවේ


 

චීනය විසින් 2018 වසරේදී කිලෝමීටර 3.2ක් දිග පලතුරු කේක් එකක් හදමින් තැබූ ගිනස් වාර්තාව පසුගියදා දකුණු ඉන්දියාවේ සූපවේදීන් පිරිසක් එකතු වී බිඳ දැමීමේ උත්සාහයක නිරත වූහ. තෛපොංගල් දින යෙදී තිබුණු මෙම කටයුත්ත සඳහා කේරළයේ ත්‍රිසූර් නගරයේ මේස දහස් ගණනක් කිලෝමීටර් හයහමාරක් දිගට තබා තිබුණේ ඔවුන් සෑදූ කේක් එක එතරම් දිග වූ බැවිනි. 


මෙය සෙන්ටිමීටර 10ක් පළල සහ ඝනකම් වූ වැනිලා කේක් එකකි. එය කිලෝග්‍රෑම් 27,000ක් බරැති ය. එය සැදීම සඳහා සාම්ප්‍රදායික චෙෆ් නිල ඇඳුමෙන් සැරසුණු කෝකියෝ 1500ක් දායක වූහ. සීනි සහ පිටි කිලෝ 12,000ක් මේ සඳහා වැය වී ඇති අතර දැවැන්ත කේක් පටිය සැදීමට පැය හතරක කාලයක් ගතවී තිබේ. 


ගිනස් කමිටුව මෙම කේක් එක මීටර් 6500ක් දිග බව කියතත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම තවමත් සිදුවී නොමැත. කේරළයේ බේකර්වරුන්ගේ සංවිධානය විසින් සංවිධානය කළ මෙම අවස්ථාව නැරඹීම සඳහා අති විශාල පිරිසක් රැස්වී සිටියහ.


අන්තර්ජාලය ඇසුරිනි. 
නිසංසලා