ලග්න හිමියන් අමාරුවේ ද‌ාන බාධක ග්‍රහයා මෙන්න


ඕනෑම ලග්න හිමියකුටම බාධක ග්‍රහයෙක් සිටී. එම ග්‍රහයාගේ බලපෑම මත කෙනකුට වා, පිත්, සෙම් ආදී දොස් නරක් වී රෝගාබාධ ඇතිවිය හැකිය. හදිසි අනතුරු හා මරණයට පත්කිරීම හැකි අවස්ථා උද‌ාවිය හැකි නිසා ඒ ගැන පරීක්ෂාකාරීව සිටීම වැදගත්ය. 
 
1. චර රාශි වූ මේෂ, කටක, තුලා. මකර ලග්නවල බාධක ස්ථානය 11 වැන්නය  
2. තිර රාශි වූ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට 9 වැන්න බාධක ස්ථානය වේ.  
3. උභය රාශිවූ මිථුන, කන්‍යා, ධනු, මීන, ලග්නවලට 7 වැන්න බාදක ස්ථානය වේ.
 


යම් ඡන්මියකුගේ දුෂ්ඨ ස්ථාන අධිපති ග්‍රහයෝ බාධක ස්ථානවලට පැමිණි කළ ඒ ඒ ග්‍රහයින්ට අයිති රාශිවලට අයිති රෝග හෝ හදිසි අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ. දුෂ්ට ස්ථාන වන්නේ 6, 8 ,12 රාශිය. ඊට ත්‍රිකස්ථාන යනුවෙන්ය ජ්‍යොතිෂයේ දක්වයි. ඉහත දක්වා ඇති ස්ථාන වූ 7, 9, 11 රාශි අධිපතීන් 5 වැන්න හෝ 9 වැන්න අධිපතිවී බලවත්ව සිටී නම් බාධක නොදී ඉතාමත් ශුභපල ලබාදෙන අවස්ථාද ඇති බව සඳහන් කළ යුතුය.   


මේෂ ලග්නයෙන් උපන් අයකුට තමන්ගේ ඡන්ම කේන්දරයේ 11 වැන්නට බුධ, කුජ, ගුරු, ග්‍රහයේ පැමිණි කලද, කටක ලග්න අයගේ 11 වැන්නට බුධ, කුජ, ගුරු ග්‍රහයෝ පැමිණි කළ ද, කටක ලග්න අයගේ 11 වැන්නට ශනි සහ බුධ පැමිණි කලද තුලා ලග්න අයගේ 11 වැන්නට, ගුරු ග්‍රහයා පැමිණි කලද වා, පිත්, සෙම් කෝපවීමෙන් රෝග හෝ හදිසි අනතුරු සිදුවිය හැකිය.  


වෘෂභ ලග්න අයට, 9 වැන්නට සිකුරු, ගුරු, කුජ පැමිණි කලද, සිංහ ලග්න අයට 9 වැන්නට ශනි, ගුරු, සඳු පැමිණි කළ ද, වෘශ්චික ලග්න අයට 9 වැන්නට බුධ සහ සිකුරු පැමිණි කළ ද. කුම්භ ලග්න අයට සඳු සහ බුධ 9 වැන්නට පැමිණි අවස්ථාවල වා, පිත්. සෙම් රෝග සෑදිය හැකිය. හදිසි අනතුරුවලට ලක්වීමටද ඉඩ ඇත.  


මිථුන ලග්න හිමියන්ට 7 වැන්නට කුජ පැමිණි කළ ද, කන්‍යා ලග්න හිමියන්ට 7 වැන්නට කුජ පැමිණි කළ ද, ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නට සිකුරු පැමිණි කළ ද මීන ලග්න හිමියන්ගේ 7 වැන්නට රවි, සිකුරු ශනි පැමිණි කළ ද වා, පිත්, සෙම් රෝග සෑදිය හැකිය. හදිසි අනතුරුවලට ලක්වීමටද ඉඩ ඇත.  


ඉහත දක්වා ඇති පරිදි ඒ ඒ ග්‍රහයින​්ගේ දශා අතුරු දශා ඒරාෂ්ඨක අපල එම වකවානුවලදී පැමිණිය හොත් මරණයපවා සිදුවිය හැකිය. තවද සඳහන් කර ඇති ග්‍රහයින් ඒ ඒ රාශිවල බලවත්ව සිටී නම් රෝග අනතුරු යනාදිය ඇතිවීමට ඇති ඉඩකඩ අඩුය. 

 

 


 
ජ්‍යෙතිෂවේදී 
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන  
133 සී, ජයන්තිපාර, දොම්පේ