යළි ඉපදී බිරියගේ සිරුරේ කැළල හෙළි කළ දරුවෙක්


පෙරභවයේ ප්‍රබල සාක්කි

පුනර්භව සාධකවල දී පෙරභවය හෙළි කළ දරුවන්ගේ සිරුරුවල ඇති උපන් ලප කැළල් ඇතැම් විට ප්‍රබල සාක්කි බවට පත් වේ. එහෙත් වෙනත් පුද්ගලයන්ගේ සිරුරුවල තිබූ ලප කැළල් පිළිබඳව එම දරුවන්ගෙන් අනාවරණය වූ අවස්ථා දුර්ලභය. කාන්තාවකගේ සිරු​ෙර් තිබූ කැළලක් පිළිබඳව නිවැරදිව හෙළි කළ දරුවෙක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට ඇතුළත් වී ඇත. පෙරභවයට ප්‍රබලතම සාක්කියක් බවට පත්වූ එම දරුවා හෙළි කළ කැළල පිහිටා තිබුණේ ඔහුගේ පෙර භවයේ බිරියගේ සිරු​ෙර්ය.   

පෙරභව ඥාතීන් සහ හිත මිතුරන් මවිතයට පත්කළ එම ආන්දෝලනාත්මක පුනර්භව සාධකය අනාවරණය වූයේ මීට වසර ගණනකට උඩ දී තුර්කියේ සිදුකළ පුනර්භව පර්​ෙ‌ය්ෂණයක දීය. අතිශය පුදුම අයුරින් සනාථ වූ එම දරුවාගේ පුනර්භව සාධකයට එරට ප්‍රධාන පෙළේ පුවත්පත් දෙකක් වූ YENI SABAH සහ AKSAM යන පුවත්පත් දැවැන්ත සිරස්තල යටතේ මහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නේය. මහත් ආන්දෝලනාත්මක පුවතක් වූ එය පළවූයේ 1963 අගෝස්තු 4 වැනිදාය.   


එක්දහස් නමසිය පනස් එකේ අග භාගයේ දී උපත ලද එම දරුවා පස් දෙනකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා විය. නෙකම් යනුවෙන් නම් ලද එම දරුවාගේ උපතින් හිසේ සහ මුහුණ ප්‍රදේශයේ ද ඇතුළුව සිරුරේ කීප ස්ථානයකම උපන් ලප දක්නට ලැබිණි. ඔහු තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ වසර පහක් වනතුරුත් ඔහුට කතා කිරීමේ හැකියාව නොලැබීමය. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු සෙමින් කතා කිරීම ආරම්භ කරන දරුවකු විය හැකි බවය. ඒ අනුව අවුරුදු පහක් ගතවීමෙන් පසු ඔහු බහ තේරීම ආරම්භ කළේය. ඔහුට හොඳින් කතා කළ හැකි වූයේ වයස අවුරුදු හයක් වීමෙන් පසුවය.   
එම දරුවාට නම කියා ඇමතූ අවස්ථාව ප්‍රථම වරට ශ්‍රවණය වූ දරුවා දෙමාපියන් මවිතයට පත් කරවන ප්‍රකාශයක් කළේය.   


ඔහුට එම නමින් ඇමතීම නොකළ යුතු බවය. ඔහු පැවසුවේ නෙසිත් යනුවෙන් ඔහු අමතන ලෙසය. තම දරුවාගේ මෙම ප්‍රකාශයට දෙමාපියෝ එතරම් අවධානයක් යොමු නොකළහ. කිසියම් අයුරකින් එවැනි නමක් ශ්‍රවණය වීමක් නිසා පුත්‍රයා එසේ පවසනු ඇතැයි දෙමාපියෝ සිතූහ.   


මේ අතර ඔහු කුඩා දරුවන්ට මහත් ප්‍රියක් දක්වන බවක් ද දෙමාපියන්ට දක්නට ලැබිණි. ඔහුගේ සිරු​ෙර් පිහිටා තිබූ උපන් ලප එම පවුලේ අන් දරුවන්ගේ නොතිබීම ද දෙමාපියන්ගේ අවධානයට යොමු වී තිබිණි.   
නිවසින් පිටවී ගමන් යෑමට ද මෙම දරුවා හැමවිටම මහත් ප්‍රියක් දක්වන්නට විය. මේ අතර දිනක් දෙමාපියන්ට ඔවුන්ගේ ඥාතිවරයකුගේ විවාහ මංගල උත්සවයකට යෑමට සිදුවිය. තම පුත්‍රයා ද කැටුව යෑමට දෙමාපියෝ තීරණය කළහ. ඒ අනුව එම විවාහ මංගල උත්සවයට එම දරුවා ද සම්බන්ධ විය. විවාහ මංගල උත්සවය සිදු වෙද්දී එහි පැමිණි කුඩා දරුවෝ පිරිසක් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.   


ඒ දෙස බලා සිටි දරුවා සිය මව වෙත පැමිණ ඇය ඇමතුවාය. මටත් ඔය වගේ ළමයි හිටියා යැයි ඔහු මවට කීවේය. තම පුත්‍රයාගේ ප්‍රකාශයෙන් මවිතයට පත්වූ මවට එය අදහාගත නොහැකි විය. පුත්‍රයාගෙන් එ් ගැන විමසීමට සිතූ මව “ඔයා පොඩි ළමයෙක්නෙ. ඔයාට ​ෙකායින්ද දරුවෝ” යැයි විමසුවාය.   


එයට පිළිතුරු වශයෙන් පෙර භව මතකය අවදි කළ දරුවා පෙර භවයේ දී ඔහු පදිංචිව සිටි ගම් ප්‍රදේශයත් එහිදී ඔහු මරණයට පත්වූ අන්දමත් අනාවරණය කළේය.   


එම දරුවා ප්‍රකාශ කළ ගම් ප්‍රදේශය පිහිටා තිබුණේ ඔවුන් පදිංචිව සිටි නිවසට සැතපුම් අසූවක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකය. සිය පුත්‍රයා හෙළි කරන තොරතුරු අනාවරණය කිරීම කෙරෙහි දෙමාපියෝ කිසිදු කැමැත්තක් නොදැක්වූහ. ඔහුගේ ප්‍රකාශ නතර කරවීමට ඔහුට පහරදීමට පවා දෙමාපියෝ පෙළඹී සිටියහ.   


එහෙත් පෙරභව මතක සටහන් අනාවරණය කිරීම නොනැවැත්වූ දරුවා පෙරභව ජීවන තොරතුරු දිගින් දිගටම ප්‍රකාශ කළේය. දිනක් පුද්ගලයෙක් සමග ඇතිවූ ගැටුමක දී තමාට පිහියෙන් ඇන්න බවත් එම පිහි ඇනුම්වලින් තුවාල ලද සිරුරේ ස්ථානවල උපන් ලප පිහිටා ඇති බවත් ඔහු පැහැදිලි කළේය.   


තම දරුවන් සහ බිරිය හමුවීමට ඔහු කැඳවාගෙන යන ලෙස එම දරුවා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු හෙළි කළ ගම් ප්‍රදේශය ගැන පියා දැන සිටියත් තම පුත්‍රයා එහි කැඳවාගෙන යාමට පියා අකමැති විය.   
එහෙත් එම දරුවාගේ මෙම ප්‍රකාශ පිළිබඳ සොයා බැලීමට මවගේ පියා උනන්දු විය. දරුවා හෙළි කරන ගම් ප්‍රදේශය පිළිබඳව අවබෝධයකින් සිටි ඔහු මෙම දරුවා පෙරභව ගමට රැගෙන ගියේය. එහිදී ඔහු විසින් පෙරභව ඥාතීන් කීප දෙනෙක්වම නිවැරදිව හඳුනා ගනු ලැබිණ. පෙරභව නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිඳව හඳුනා ගැනීමේදී වූයේ ඇය මවිත කරවූ සිදුවීමකි.   


පෙර භව බිරිය දුටු සැණින් ‘ඔබ මගේ බිරිය’ යැයි දරුවා ප්‍රකාශ කළේය. එය ශ්‍රවණය වූ බිරිය ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.   

 

‘මා ඔබගේ බිරිය යැයි කියන්නේ කෙසේද?’ යැයි ඇගේ ප්‍රශ්නය විය. මොහොතක් කල්පනාවේ යෙදුණු දරුවා ඇගේ සිරුරේ කැළලක් ඇති බවත් එය කැපුම් තුවාලයක් බවත් කීවේය. සිරුරේ පාදයක ඉහළ කොටසේ තිබූ කැපුම් තුවාලයක කැළල දරුවා විසින් නිවැරදිව හෙළි කිරීම අතිශය ප්‍රබල සාක්කියක් විය. මෙම දරුවාගේ ප්‍රකාශ සනාථ වන විටදී ඥාතීහු කීප දෙනෙක්ම කඳුළු වගුරුවමින් දරුවා සිප වැළඳ ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය.   


පෙර භවයේ ජීවිතය අවසන් වූ අන්දමද පැහැදිලිව හෙළි කළ ඔහු තමාට පිහි පහර එල්ල කළ පුද්ගලයාගේ නම ද නිවැරදිව අනාවරණය කළේය. පෙර භවයේ ඔහු මත්පැන් පානයට පුරුදුව සිටි අයකු විය. වෙනත් පුද්ගලයකු සමග මහමග දී ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඔහු මරණයට පත්වූයේ පිහි ඇනුමකිනි. බීමත්ව සිටිය දී සිදුවූ මිනීමැරුම එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. එම සිද්ධිය වූ ස්ථානය ද ඔහු නිවැරදිව ප්‍රකාශ කළේය.   
මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී මිනී මැරුම සිදුවූ ආකාරයත් ඔහුගේ සිරුරට සිදුව තිබූ තුවාල පිළිබඳවත් මරණ පරීක්ෂණ වාර්තා මගින් ද නිරීක්ෂණය කිරීමට පර්​ෙ‌ය්ෂකයන්ට හැකි විය. පිහිපහර එල්ල වූ අවස්ථාවේ ඔහු එම පුද්ගලයා සමග දිගින් දිගටම දබර කළ බවත් ඔහුගෙන් බේරීමට බැරිම තැන තමන් පිහි පහර එල්ල කළ බවත් මිනීමැරුම සිදු කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබිණි. එම ආරවුලේ දී ඔහුගේ සිරුරට පිහි පහර දාහතක් එල්ල වී තිබිණි. එම පිහි පහර එල්ල වූ ස්ථාන වැඩි ගණනක ඔහුගේ සිරුරේ උපතින් කැළල් පිහිටා තිබිණි. පිහි පහර එල්ල වීම නිසා ඔහු රෝහල් ගත කරන ලද නමුත් පසු දින මරණයට පත් විය. ඔහුගේ මරණය සිදුව තිබුණේ 1951 මැයි හය වැනිදාය.   

පෙර භව බිරිය දුටු සැණින් ‘ඔබ මගේ බිරිය’ යැයි දරුවා ප්‍රකාශ කළේය. එය ශ්‍රවණය වූ බිරිය ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.   


‘මා ඔබගේ බිරිය යැයි කියන්නේ කෙසේද?’ යැයි ඇගේ ප්‍රශ්නය විය. මොහොතක් කල්පනාවේ යෙදුණු දරුවා ඇගේ සිරුරේ කැළලක් ඇති බවත් එය කැපුම් තුවාලයක් බවත් කීවේය. සිරුරේ පාදයක ඉහළ කොටසේ තිබූ කැපුම් තුවාලයක කැළල දරුවා විසින් නිවැරදිව හෙළි කිරීම අතිශය ප්‍රබල සාක්කියක් විය. මෙම දරුවාගේ ප්‍රකාශ සනාථ වන විටදී ඥාතීහු කීප දෙනෙක්ම කඳුළු වගුරුවමින් දරුවා සිප වැලඳ ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය.   


පෙර භවයේ ජීවිතය අවසන් වූ අන්දමද පැහැදිලිව හෙළි කළ ඔහු තමාට පිහි පහර එල්ල කළ පුද්ගලයාගේ නම ද නිවැරදිව අනාවරණය කළේය. පෙර භවයේ ඔහු මත්පැන් පානයට පුරුදුව සිටි අයකු විය. වෙනත් පුද්ගලයකු සමග මහමග දී ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඔහු මරණයට පත්වූයේ පිහි ඇනුමකිනි. බීමත්ව සිටිය දී සිදුවූ මිනීමැරුම එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. එම සිද්ධිය වූ ස්ථානය ද ඔහු නිවැරදිව ප්‍රකාශ කළේය. 


ඒ වනවිට ඔහු දරුවන් සිව් දෙනකුගේ පියෙකි. පුතුන් තිදෙනකුගේ සහ එක් දියණියක සිටි බැව් දරුවා කළ ප්‍රකාශය නිවැරදිව සනාථ විය. දරුවන්ගේ සහ බිරියගේ නම ද  එදා එම දරුවා ප්‍රකාශ කළේ පෙර භව ඥාතීන් පුදුමයට පත් කරවමිනි. ඔහු විසින් පෙර භවය පිළිබඳව කරන ලද ප්‍රකාශ ශාස්ත්‍රීය අයුරින් විමර්ශනය කිරීමේ දී සකස් කරන ලද පර්​ෙ‌ය්ෂණ වාර්තාවකින් කරුණු විස්සකට වැඩි සංඛ්‍යාවක් නිවැරදිව සනාථ විය. මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී එම දරුවා විසින් හඳුනා ගත් පුද්ගලයින්ට අමතරව පෙර භාවයේ ජීවත්ව සිටිය දී භාවිතා කළ භාණ්ඩ රැසක් ද නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය. ඒ අතර ඔහු මුහුණ බැලූ කණ්ණාඩියක් ද ඇතුළත් විය.   


පෙර භවයේ තැනැත්තා වූයේ නෙසිප් නම් අයෙකි. දරුවා කුඩා කල දී ඔහුට එම නමින් අමතන ලෙස ඉල්ලා සිටීම ද විශේෂත්වයක් විය. ඔහුට පිහි ඇනුම එල්ල කළ පුද්ගලයාගේ නම ද මෙම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. පුනර්භව පර්​ෙ‌ය්ෂකයන් වූ මහාචාර්ය ස්ටීවන්සන් සහ බේයර් විසින් මෙම දරුවා පිළිබඳව සිදුකළ පර්​ෙ‌ය්ෂණ ප්‍රබල සාක්කි ලෙස පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ද ඇතුළත් කර තිබේ.   


මෙම දරුවාගේ පුනර්භව සාධකයේ මව දුටු සිහිනයක් පිළිබඳව ද හෙළිවේ. එනම් දරුවා මව් කුස පිළිසිඳ ගෙන සිටිය දී මව දක්නට ලැබූ සිහිනයකි. එම සිහිනය මගින් නාඳුනාන පුද්ගලයකුගේ රුව ඇයට දක්නට ලැබිණි. නාඳුනන එම තැනැත්තා ඇගේ නිවසට පැමිණෙන අයුරු ඇයට සිහිනෙන් දර්ශනය වී තිබේ. එම පුද්ගලයා කිසිදු අවසරයකින් තොරව නිවසට පැමිණ ආලින්දයේ අසුන් ගත්​ෙත්ය.   


“පැමිණියේ ඇයි” දැයි ඇය එම පුද්ගලයාගෙන් විමසීමක් කළාය. නිවසේ නතරවීමට පැමිණි බැව් ඔහු ප්‍රකාශ කළේය. එහෙත් එයට විරුද්ධත්වය දැක්වූ ඇය ඔහුට නිවසින් යන ලෙස පැවසීය. එවිට ඔහු දුන් පිළිතුර වූයේ පිහි ඇනුමකින් මියගිය බවය. ඔහුගේ නම ලෙස පැවසුවේ තම දරුවා ඔහුට නම් කරන ලෙස ඉල්ලා සිටි නම බව ද ඇය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එදා හීනෙන් අසන්නට ලැබුණ නම ඒ අයුරින්ම දරුවා විසින් ප්‍රකාශ කිරීම මෙම පුනර්භව සාධකයේ තවත් පුදුම උපදවන කරුණක් විය.   


මේ අයුරින් පෙර භවය හෙළි කළ දරුවන් අතරින් බිරියන්ගේ හැඩරුව හෙළි කළ දරුවෝ රැසක් සිටිති. ඇතැම්හු සිය බිරියන්ගේ නම් පවා පැහැදිලිව හෙළි කළහ.   


මීට වසර ගණනකට උඩදී ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළි කළ දරුවෙක් මගින් ද බිරිය පිළිබඳව අතිශය පුදුම කරුණක් අනාවරණය විය. හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම දරුවා ප්‍රකාශ කළේ ඔහුගේ බිරියගේ නම ​ෙද්විකා බවය. ඔහුට බිරිය දුටුවොත් හඳුනා ගත හැකි බැව් එදා එම දරුවා ඒ පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී පැවසීය. ඒ වනවිට සිව් හැවිරිදි වියේ පසුවූ දරුවා සිය බිරියගේ හැඩරුව ද හෙළි කළේය. ඒ අතර ඔහු අනාවරණය කළ කරුණක් ද අතිශය පුදුම උපදවන සුලුවිය.   


“මට දේවිකා දැක්කොත් හඳුන ගන්න පුළුවන්. එයාගේ ඉස්සරහ දතක් නෑ” යැයි ඔහු පැවසීය. 

 
“එයාගේ ඉස්සරහ දතට මොකද වුණේ” යැයි විමසූ විට එම දරුවා ප්‍රකාශ කළේ පහරදීමකින් එය ගැල වී තිබූ බවය. එම දරුවා අනාවරණය කළ ගම් ප්‍රදේශය ගැන පැහැදිලිව හෙළි නොවීම නිසා ඔහුගේ පෙර භව තොරතුරු තවමත් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ පවතී.   


එම දරුවා ප්‍රකාශ කළ අනෙකුත් තොරතුරු අතර මිතුරෙකුගේ නමක් ද ඇතුළත් වී තිබිණි. ඒ බැව් ඔහු පැවසුවේ “මගේ හොඳම යාළුවා ගුණරත්න” යනු වෙනුවෙනි. පොලිස් සේවයේ යෙදී සිටි බවක් ද මෙම දරුවාට මතක තිබිණි.   


පෙර භව නිවසට ගිය දරුවා ඔහුගේ බිරිය හඳුනාගෙන ඔබ මගේ බිරිය යැයි පැවසීය. “ඔබ එසේ කියන්නේ කෙසේදැයි” බිරිය එම දරුවාගෙන් විමසීමක් කළාය. “ඔබේ කකුලේ උඩ කොටසේ කැපුම් තුවාලයක කැළලක් තියෙනවා” යයි දරුවා පැවසුවේය. එම වදනින් මවිතයට පත්වූ බිරිය තම සැමියා යළි ඉපදී ඇති බවට ප්‍රබලතම සාක්කිය ලෙස පිළිගනු ලැබුවාය. පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතර නෑදෑ හිතවතුන් ද මවිතයට පත් කළ ආන්දෝලනාත්මක හඳුනා ගැනීමක් සිදුවූ පුනර්භව සිදුවීමක් ලෙස එම දරුවාගේ කතා පුවත ප්‍රකාශයට පත්විය.   

 

 

 

 

 


තිස්ස ජයවර්ධන