පුරාණ ග්‍රීකයන් මවිත කළ සූස් දෙවිඳුන්ගේ යෝධ ප්‍රතිමාව


ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ ඉපැරණි පුදුම 7   

ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහා ගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරැණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලැයිස්තු දෙකකි. ඉපැරැණි පුදුම 7 නම් කරනු ලැබ ඇත්තේ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් (උපත ලබා ඇත්තේ ක්‍රි.පූ. 485 දීය.) විසිනි. ඊජිප්තුවේ මහා පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, සූස් දෙවිදුගේ ප්‍රතිමාව, ආටිමීස් දෙවොල, හැලිකානාසස් සමාධිය, ඇලෙස්කැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ රෝඩ්ස් යෝධ ප්‍රතිමාව පැරැණි පුදුම 7 ට අයත් වෙයි. මේවායින් අදටත් නොනැසී පවතින්නේ ඊජිප්තුවේ පිරමීඩ පමණි. නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේ දී ය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ඬේෂන්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විස්ටර්ලන්තය කේන්ද්‍ර කොටගත් ආයතනය මගිනි. නූතන යුගයේ ලොවපුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200 ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි.) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි. ලොව සෑම කෙනෙක්ම පාහේ මෙම ජනමත විමසුමට එක් වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුන අතර, දුරකථන ඔස්සේ කෙනකුට කැමති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණි. ලොව පුරා මිලියන 100 ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජූලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. 

 

පුරාණ ග්‍රීක වැසියන් මවිතයට පත් කළ, ඔවුන්ගේ වන්දනාමානයට ලක්වුණු සූස් දෙවියන්ගේ යෝධ ප්‍රතිමාව අද දකින්න නොලැබෙන ඉපැරැණි ලෝක පුදුමයක් වුවත්, එය ඉදිකර තිබුණු තැන පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකිවී ඇත. එපමණක් නොව, ඉපැරැණි ලේඛනවල සූස් මහ දෙවියන්ගේ ප්‍රතිමාව වර්ණනා කර ඇත. 


සූස් යනු ග්‍රීක දේව පුරාණයට අනුව, ග්‍රීක වැසියන්ගේ මහ දෙවියාය. සූස්, ක්‍රෝනෝස් නමැති ටයිටන්වරයාගේ පුතුන් තිදෙනාගෙන් කෙනෙකි. සූස් ඔලිම්පස් කන්දේ මහ දෙවියන් බවට පත් වූයේ පියා ක්‍රෝනෝස් ඇතුළු සෙසු ටයිටන්වරුන් සිර කරමිනි. 


සූස් දෙවිඳුන්ගේ මෙම යෝධ ප්‍රතිමාව ඉදිකර තිබුණේ ග්‍රීසියේ ඔලිම්පියා නුවර පිහිටි සූස් දෙවොලේය. එය නිර්මාණය කළේ යැයි පැවැසෙන්නේ පීඩියාස් නමැති අති දක්ෂ මූර්ති ශිල්පියාය. ඔලිම්පියා යනු පුරාණයේ බටහිර ග්‍රීසියේ පිහිටි නගරයකි. සූස් දෙවියන්ට ගෞරවයක් ලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙල පළමුවෙන් ආරම්භ වූයේ ඔලිම්පියා නගරය කේන්ද්‍රකොට ගනිමිනි. 


පීඩියාස්, සූස් දෙවොලේ, මෙම ප්‍රතිමාව ඉදිකිරීමට ඔලිම්පස් නුවරට පැමිණ සිය මූර්ති වැඩපොළ නගරයේ පිහිටුවා ගෙන ඇත. මේ බව තහවුරු කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීමට ග්‍රීක පුරා විද්‍යාඥයන්ට හැකි වී ඇත. ප්‍රතිමාව නිර්මාණය කිරීමෙන් පසුව ජීවිත කාලය පුරාවට පීඩියාස් ඔලිම්පස් නගරයේ වාසය කළේ යැයි අතීත ලේඛනවල සඳහන් වී ඇත. 


යෝධ ප්‍රතිමාව ඉදිකිරීමේ මූල්‍ය ප්‍රතිපාදන දැරුවේ එලෙන්ස්වරුන්ය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ සංවිධායකවරුන් ලෙස කටයුතු කළේ ද මොවුන් ය. මොවුහු ඇතැන්ස් වැසියන්ට දෙවැනි නොවන අයුරින් කැපී පෙනෙන්න උත්සාහ කළහ. සූස් දෙවියන්ගේ මෙම යෝධ විස්මිත ප්‍රතිමාව ඉදිකිරීම සිදුවූයේ ඒ අනුවය. 


සූස් දෙවියන්ගේ ප්‍රතිමාව, සූස් දෙවියන් වෙනුවෙන් ඉදි කළ දෙවොලේ ඉදිකිරීම ඇරැඹුණේ යැයි පැවැසෙන්නේ ක්‍රි.පූ. 430 දී ය. ඉදිකිරීම් කටයුතු අවසන් වූ බව පැවැසෙන්නේ ක්‍රි.පූ. 422 දීය. සූස් දෙවියන් වෙනුවෙන් එම දේවාලය ඉදිකළේ ද එලෙන්ස්වරුන්ය. ප්‍රතිමාව ඉදිකිරීම පීඩියාස්ට පැවැරුවේ ද මොවුන්ය. මූර්ති ශිල්පියකු ලෙස මේ වනවිට පීඩියාස් නමක් දිනාගෙන සිටියේය. ඔහු පාර්තෙනෝස් නුවර ඇතීනා දෙවඟනගේ යෝධ ප්‍රතිමාවක් ඉදිකර තිබුණි. ඇතන්ස් දෙවඟනගේ ප්‍රතිමාව නිසා එවකට ජනප්‍රිය මෙන්ම ජනතාවගේ ගෞරවයට ලක් වුණු චරිතයක් විය. සූස් මහ දෙවිඳුගේ ප්‍රතිමාව ඉදිකිරීමට ඔහුට වසර 12 ක කාලයක් ගතවුණේ යැයි ඇතැම් ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. 

 

 

සූස් දෙවියන්ගේ ප්‍රතිමාව, සූස් දෙවියන් වෙනුවෙන් ඉදි කළ දෙවොලේ ඉදිකිරීම ඇරැඹුණේ යැයි පැවැසෙන්නේ ක්‍රි.පූ. 430 දී ය. ඉදිකිරීම් කටයුතු අවසන් වූ බව පැවැසෙන්නේ ක්‍රි.පූ. 422 දීය. සූස් දෙවියන් වෙනුවෙන් එම දේවාලය ඉදිකළේ ද එලෙන්ස්වරුන්ය. ප්‍රතිමාව ඉදිකිරීම පීඩියාස්ට පැවැරුවේ ද මොවුන්ය. මූර්ති ශිල්පියකු ලෙස මේ වනවිට පීඩියාස් නමක් දිනාගෙන සිටියේය. ඔහු පාර්තෙනෝස් නුවර ඇතීනා දෙවඟනගේ යෝධ ප්‍රතිමාවක් ඉදිකර තිබුණි. ඇතන්ස් දෙවඟනගේ ප්‍රතිමාව නිසා එවකට ජනප්‍රිය මෙන්ම ජනතාවගේ ගෞරවයට ලක් වුණු චරිතයක් විය. සූස් මහ දෙවිඳුගේ ප්‍රතිමාව ඉදිකිරීමට ඔහුට වසර 12 ක කාලයක් ගතවුණේ යැයි ඇතැම් ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. 

 


 

ප්‍රතිමාව සඳහා යොදා ගත් රාමුව නිර්මාණය කර ඇත්තේ දේවදාර දැව වලිනි. සූස් ප්‍රතිමාව අඩි 42 ක් උසින් යුක්ත වුණැයි පැවැසෙයි. සූස් දෙවියන්, අහසට අධිපති දෙවියන් ද වෙයි. සූස් ගගුරු දෙවියකු ලෙස ද හැඳින්වෙයි. නීතිය හා සාමය සම්බන්ධයෙන් කටයුතු කළ දෙවියා ලෙස සූස් ද ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන්ය. ග්‍රීක මිථ්‍යා අනුව, හර්කියුලීස්, පර්සියස්, අකිලිස් ආදීහු සූස් දෙවියන්ගේ මනුෂ්‍ය පුත්‍රයෝය. 


පීඩියාස් විසින් නිර්මාණය කරනු ලැබූ යෝධ සූස් ප්‍රතිමාවේ සූස්ගේ දකුණු අතේ ‘නයිකී’ දෙවඟන සිටිනු දකින්න ලැබුණි. ‘නයිකී’ යනු ග්‍රීක මිථ්‍යා කතාවලට අනුව ජයග්‍රහණයේ දෙවඟනය. ප්‍රතිමාවේ සූස් දෙවියන්ගේ වම් අතේ ඇත්තේ සෙන්කෝලයකි. එහි මුදුනේ රාජාලියෙකි. එයින් පෙන්වන්නේ සූස් දෙවියන්ට ඇති බලයයි. සූස් දෙවියන් රාජාලියකු ලෙස වෙස්වළාගෙන ඔලිම්පස් කඳු මුදුනේ සිට ජනතාව ගැන සොයා බලන්න පැමිණෙන බවත්, මනුෂ්‍ය දූවරුන්ට ආලය කරන බවත් ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් වෙයි. 


සූස් දෙවියන්ගේ ඇඳුම, මිරිවැඩිසඟල, හිස කෙස්, රැවුල සියල්ල රත්තරන්වලින් ඉදි කර තිබුණු බව පැවැසෙයි. සිරුරේ නිරාවරණය වුණු සෙසු කොටස් නිර්මාණය කරනු ලැබ ඇත්තේ ඇත්දළවලිනි. ප්‍රතිමාව නිර්මාණය කෙරුණේ සිංහාසනයක සූස් දෙවියන් අසුන්ගෙන සිටින ආකාරයටය. එම සිංහාසනය විවිධ සත්ව රූප කැටයම් කර අලංකාර කෙරුණි. 


පීඩියාස් ඔහුගේ වැඩපොළ පිහිටුවා ගෙන තිබුණේ ද ප්‍රතිමාව ඉදි කළ දෙවොලට නුදුරිනි. මෙම වැඩපොළ පිළිබඳ සාක්ෂි පුරාවිද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකිවිය. ඒ, 1950 දශකයේදීය. සිදුකළ කැණීම්වලදී පීඩියාස් ප්‍රතිමාව නිර්මාණයට යොදාගත් ආයුධ පවා හමුවී ඇත. 


සූස් දෙවියන්ගේ ඇස් නිර්මාණය කර ඇත්තේ ඉතා වටිනා මැණික් ඔබ්බවමිනි. ප්‍රතිමාව කොතරම් විශාලදැයි කීවොත් එය දේවාලයේ වහලයේ ගෑවෙන තරම් යැයි ද පැවැසෙයි. කලින් සඳහන් කළ පරිදි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ග්‍රීක වැසියන් විසින් පවත්වනු ලැබුවේ සූස් මහ දෙවියන් සතුටු කිරීමේ අරමුණ ඇතිවය. ඒ, සෑම සිවු වසරකට වරක්ය. 


ප්‍රතිමාව ඉදිකර අවසන් කිරීමෙන් පසු, පීඩියාස් සූස් දෙවියන්ට කන්නලව් කරන්න විය. ඒ, ප්‍රතිමාවට ‘අනුමැතිය’ ලබා දෙන ලෙසය. සූස් දෙවියන් වෙනුවෙන් දෙවියන් සතුටු කිරීමේ අරමුණින් තමා ඉදිකළ ප්‍රතිමාව ගැන සූස් දෙවියන් සතුටුදැයි පීඩියාස් අවස්ථා ගණනාවකදී දෙවියන්ගෙන් විමසුවේය. දිනක් ප්‍රතිමාවට අකුණු සැර වදින්න පටන් ගෙන ඇත. එය සූස් දෙවියන් ලබා දුන් සංඥාවක් යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. විස්මය නම්, මහා ප්‍රබල අකුණු ප්‍රතිමාවට එල්ල වුවත්, එයට කිසිදු අනතුරක් නොවීමය. සූස් දෙවියන්ගේ අකුණුවලින් බේරුණු ප්‍රතිමාව පස්වැනි සිවයසේදී විනාශ වී ඇත. ඒ දේවාලයේ හටගත් ගින්නක් හේතුවෙනි. 

 

 

 

 


ලුසිත ජයමාන්න 
විකිපීඩියා ඇසුරිනි