ගස් කතා කරයි


''Speech is Silver Silence is Golden'' කථාව රිදීය නිහඬ බව රත්තරන්ය. එසේ වුවද නිහඬ බව බිඳ කතා කිරීමට කැමැතිය. කතා - කතා - කතා මැද කතා නිමක් නැති කතා ය. ඒ මිනිසුන් නිසා ය.   
එහෙත් සත්තු? සතුන්ට මොන කතා ද? නැහැ. ඔවුහු අදහස් හුවමාරු කර ගනිති. එහෙත් තුරුලතා? එසේය. ඔබ මා වෙනත් සතුන් මෙන්ම තුරුලතාවෝ ද සන්නිවේදන කාර්යයේ නිමග්න වන බව නව පර්​ෙ‌ය්ෂණයකින් හෙළි වේ.

   

ශාක තම පණිවුඩය අන්‍යයන් වෙත රැගෙන යනවා පමණක්ම නොවේ, මේ සඳහා දිලීර වැනි පණිවුඩකරුවන් ද හවුල් කර ගන්නා බව මෙම පර්​ෙ‌ය්ෂණයෙන් හෙළි වී ඇත.   


ගසකට පහර දෙන විට හෝ ගස කපන විට එම පණිවුඩය තම ඥාති ප්‍රජාව වෙත දැනුම් දෙන බව කියති.   


ප්‍රහාරයට ලක් වූ ගසේ පත්‍රවලින් යම් රසායනිකයක් නිකුත් වේ. මෙම රසායනිකය ස්පර්ශ වන සෙසු ශාක වහා ක්‍රියාකාරී වේ. ඥාතියකුගේ මරණය අසා වැලපෙන්නේය. සුසුම් ලන්නේය. ඒ සුසුමට අනුරූපී රසානික විපර්යාසයන් ගස තුළ දැක ගත හැකි වේ. ඇතැම් ශාක තමා අසල සිටින දිලීර මගින් මෙම පණිවුඩය ඉතා ඈත සිටින ඥාති හිත මිත්‍රාදීන්ට පවා දැනුම් දෙන බව ආර්බඩින් විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයෝ සඳහන් කරති.   
මෙම සන්නිවේදන රටාව ඔවුන්ගේ දිවි පැවැත්මට වෙසෙසින් උපකාර වේ. ප්‍රහාරකයා මර්දනය කර ගැනීමට වෙනත් කණ්ඩායම්වල සහාය ඉල්ලන අවස්ථා ද වේ.   


එක්තරා කූඩිත්තෝ විශේෂයක් රංචු වශයෙන් පැමිණ ගසකට හානි කරන්නට පටන් ගත්හ. ප්‍රහාරයට ලක් වූ ශාකය සෙසු ඥාතීන්ට මේ ආරංචිය යැවීය. ඒ අනුව සියල්ලෝම එකවර රසායනිකයක් නිකුත් කරන්නට වූහ. එම රසායනිකය ආඝ්‍රාණය වූ පක්ෂීහු ගස මුලට පැමිණියහ. අහා... රස කෑමක්. කූඩිත්තන් රංචු පිටින් කුරුල්ලෝ සිය උදර පුරවා ගත්හ. ගස තමාගේ ජීවිතය බේරා ගත්තේය.   


මිනිසාට නොඇසෙන නොදකින භාෂාවකින් තුරු ලතා සහ මී මැස්සන් සංවාදයේ යෙදෙන බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයෝ සඳහන් කරති. මේ පිළිබඳව සඳහන් කරන එම පර්​ෙ‌ය්ෂකයෝ ශාකයේ පරාගණය වැඩිකර ගැනීමට මල් මී මැස්සන්ට අාරාධනා කරයි. මී මැස්සන්ට ආරාධනා කරන මොහොතේ මල් පෙති දිදුලන්නට පටන් ගනී. මෙය කුරුල්ලකු දුටු කලට කිරිල්ලියකගේ ඇති වන පිබිදීමක් වැන්න. 

 
මේ අනුව ශාක ශාක අතර කතා බහක් ද ශාක සහ සතුන් අතර කතා බහක් ද පවතින බව මෙම පර්​ෙ‌ය්ෂකයෝ කියති. මෙම පර්​ෙ‌ය්ෂක කණ්ඩායමේ නායක ආචාර්ය බෙවර්ලි ග්ලෝවර් පවසනුයේ මල්වල දකින්නට ලැබෙන ඉහත කී දිදුලන ස්වභාවය කෘමි විශේෂය අනුව ද වෙනස් වන බවයි. එසේම එය පුළුල් පරාසයක පැතිරී පවතී.   


එ් වගේම මලක් අසලට සමනලයකු මී මැස්සෙකු පැමිණි විට මල තම සගයන්ට ද ඒ බව දැනුම් දෙයි. එය සතුටින් ඉපිලී යන්නේ යැයි ආචාර්ය බෙවර්ලි තව දුරටත් පෙන්වා දෙයි.   


අැතැම් විටෙක මිහිරි සුගන්ධයකින් තමා ළඟට ක්ෂීරපායින් සංග්‍රහ කරන තුරු ලතාවෝ ද වෙති. Cytinus Visseri යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකය මෙයට  කදිම නිදසුනකි. මලෙන් පිට වන මිහිරි සුගන්ධයට ආකර්ෂණය වන ක්ෂීරපායින් මල වෙතට එයි. හොම්බේ පරාග තවරා ගනියි. තවත් මලකට යයි. පරාගණය වේ. වසර හයක් තිස්සේ පර්​ෙ‌ය්ෂණයේ නියැළි මහාචාර්ය ස්ටීවන් ජොන්සන් ඇතුළු පිරිස තමන් සොයාගත් සාක්ෂි මගින් ඉහත සිදුවීම තහවුරු කරයි. මේද අම්ල ව්‍යූහයක් මේ සඳහා උප​යෝගී කරගන්නා බවද ඔවුහු සඳහන් කරති. මෙම රසායනිකයන්ට ප්‍රතිචාර දක්වන ක්ෂීරපායින් අතර මීයෝ ප්‍රමුඛයන් වෙති.   
දකුණු අප්‍රිකානු ජෛව විවිධත්ව අධ්‍යයන ආයතනය​ වෙනුවෙන් මෙම පර්​ෙ‌ය්ෂණ සිදු කළ බව ද ඔවුහු සඳහන් කරති.   


​ෙමම පර්​ෙ‌‌ය්ෂණ තොරතුරු ලෝකයට ගලා එද්දී ආචාර්ය අල්මා ග්‍රේෆ්ගේ ප්‍රධානත්වයෙන් තවත් පර්​ෙ‌‌ය්ෂණයක් සිදු විය.   


එහිදී අනාවරණය වූ කරුණු අතර ශාක සතුන් සමග කතා බහ කිරීමෙන් නොනැවතී ගනුදෙනු කරයි. බෙදා හදා ගනී.   


පාරිසරික හේතු මත සමහර ශාකවලට ප්‍රමාණවත් නයිට්‍රජන් ප්‍රමාණයක් නොලැබේ. ශ්‍රී ලංකාවේ වැවෙන බාඳුරා ශාකය මෙයට නිදසුනකි. එබඳු ශාක කුඩා කෘමීන් ආහාරයට ගනී. එහෙත් ඉන් ඔබ්බට ගිය චර්යාවක් තුරු ලතාවෝ පෙන්නුම් කරයි.   


ඔවුනට හමු වූ දෙය නම් අදහාගත නොහැක්කක් බව ආචාර්ය අල්මා ​ග්‍රේෆ් තවදුරටත් සඳහන් කරයි. වවුල් හපයෙන් තම නයිට්‍රජන් අවශ්‍යතා පූරණය කර ගැනීමට මෙම ශාක උත්සාහ කරයි. 

 
Nepenthes Rajah යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන් වන ශාක විශේෂයක් මෙසේ වවුල් හපයෙන් තම අවශ්‍යතා සපුරා ගන්නා බව ආචාර්ය ග්‍රේන් පවසයි. ශාකයේ බඳුනක් ඇත. මෙම බඳුනට කෘමියකු ඇද වැටුණහොත් ඔහු ජීර්ණය කර ගෙන නයිට්‍රජනීය ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට හැකියාව ඇත.  


 එහෙත් මෙම ශාකය මගින් නිකුත් කරන රසායනිකයක් නිසා වවුලෝ ගස වෙතට පැමිණ ආහාර ගනිති. 

 
Kerivoula hardwicki යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වවුල් විශේෂයක් මෙලෙස ආකර්ෂණය වේ. මිහිරි සුගන්ධය විඳිමින් වවුලෝ ආහාර බුදිති. වවුල් හපය බිමට වැටෙති. නෑ මඟදීම බඳුනට දමා ගනී. එය ශාකයට රස මසවුලකි.   


දකුණු අප්‍රිකාවේ තවත් මෙවැනි ශාකයක් සිය නයිට්‍රජනීය අවශ්‍යතා සපුරා ගන්නේ අපූර්ව ආකාරයකටය. ශාකයෙන් රසායනික නිකුත් වේ. එවිට ගසට ගොඩවන්නේ විවිධ ආකාරයේ කුඩා සතුන් ය. මීයන් කුඩා කුරුල්ලන් නිදසුන්ය.   


මිහිරි සුගන්ධය නිසාම ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වේ. මළපහ කරති. ඒ මළ ගසේ ඇති බඳුන්වලට වැටේ. ගසේ නයිට්‍රජනීය අවශ්‍යතා ඉන් සපුරා ගැනේ. තම නයිට්‍රජනීය අවශ්‍යතා සපුරා ගැනීමට හෝ සතකු ඝාතනය නොකරන ගස් ඉවත ලන මළ ප්‍රතිචකීකරණය කරන ගස්? මෙය නම් සොබාදහම් දිනිතියගේ අපූරුම නිමැවුමක්මය.   

 

 

 


නීතිඥ රුවන් හරිස්චන්ද්‍ර