එදා වහලුන්ගේ බර මැන්න ලුණු


 

‘‘රට වටේම මුහුද පිට රටින් ටින් මාළු ගේනවා ඕයි.’’ යි මෙරට උපහාස ගීත කලාවේ ගීතයක් ඇත. විවිධ රට වලින් ආනයනය කරන තලපත්, බලයා හා කෙලවල්ලන් තොග වශයෙන් අලෙවියට දැන්වීම් දැන් පුවත් පත් වල ඇත. රට වටේම මුහුද තිබුණ ද ලුණු හදන්න මුහුදු යන්නට උවමනා නැත. අද මහා ඛේදවාචකය වී ඇත්තේ ලුණු පවා පිට රටින් ආනයනය කිරීම අප ජාතියක් ලෙස බංකොළොත් වී සිටීමේ පැති කඩක් නොවේද? අනුරාධපුරයේ සියඹලා ගස් යට සියඹලා කරල් බීම වැටී කුණු වෙද්දී ‘‘ෆූඩ් සිටි’’ වල තායිලන්තෙන් ආනයනික සියඹලා කරල් 3 ක් අලෙවි වන්නේ රු. 350 /- කටය.   


ලුණු අපේ ජන ජීවිතයට චිරාත්කාලයක සිට බද්ද වූ අායිත්තමකි. ලුණු ගැන මෙරට අර්බුදයක් පැන නැගෙන්නේ සුනාමියත් සමගය. සුනාමියත් සමග ලුණු ලේවායන්හි මිනිස් සිරුරු හා කොටස් ගොඩ ගැසීම නිසා ලුණු අපිරිසිදු විය. තිබහට වතුර බීමට සුළු ළිඳ විතර කිසිවිට පිහිටක් නැත ගැඹුරැති මහ සයුර යනුවෙන් අප උගත්තද ලුණු කර්මාන්තයේදී නම් ලුණු රස ඇති මුහුදු දිය දෛනිකව ජීවිතයට ඉතා අවශ්‍ය වුවත් ඉතා සමීප වුවද රසයක් දෙන ලුණු දැනට වසර 5000 ක පමණ කාලයක සිට මිනිසා විසින් දැඩි ලෙස ආරක්ෂා කරගත් ආයිත්තමක් වේ.   


‘‘​සෝඩියම් ක්ලෝරයිඩ්’’ (Cl2) යන විද්‍යාත්මක නමින් හැඳින්වුවද, අද අප භාවිත කරන ලුණු වලට විශේෂ ගුණ ලබා දීමට තවත් ලවන අඩංගු කරනු ලබයි.   
අයිඩීන් සහිත ලුණු ඈත අතීතයේ සිටම මස් මාළු ආදී දේ කල් තබා ගැනීම උදෙසා භාවිත කොට ඇත. මෙවැනි ක්‍රම අදත් රටේ සමහර පළාත්වල ක්‍රියාවේ යෙදෙන්නේ සංචාරක ආකර්ෂණයක් ඇතිවය. කරවල ලැබෙන්නේ ඒ ආකාරයෙන් බව රහසක් නොවේ. අතීතයේදී ලුණු නිසා ජාතීන් අතර සටන් ඇවිළුණේය. තමන්ට අයිති ලුණු සම්පත් ආරක්ෂා කර ගැනීමට ​ෙහා් රටකට අයිති ලුණු සම්පත් කොල්ල කෑමේ ක්‍රියාවලිය ලුණු සටන්වල අරමුණ විය.   


අතීතියේ ගනුදෙනුවලට ද ලුණු සම්මතයක් හැටියට භාවිත කළ බවට ලිඛිතව ​ෙමන්ම ඓතිහාසික සාධක ද ඇත. ලුණු සටන් ඇති වන්නටත් පෙර ලුණුවල අතීතය ශත වර්ෂ ගණනාවක් ඈතට ඇදී යයි. සොරකමේ ගිය සොරෙකු ‘‘ලුණු කෑ ගෙදරකින් කෙසේ නම් සොරකම් කරම් දැයි’’ පසුතැවිලි වූ බවත් ‘‘මම උන්දැට ලුණු ඇඹුල් ඇතිව කීවා.’’ යැයි ගමේ කටකාර ගැහැනියක් කියන්නේත් චිරාත් කාලයක් ලුණු සමග අපේ සංස්කෘතිය සබැඳී තිබෙන බවය.   


දුර ඈත අතීතයේ ග්‍රීක කතාවල දැක්වෙන අන්දමට වහලෙකුගේ වටිනාකම දක්වනු ලබන්නේ වහලාගේ බරට සමාන ලුණු ප්‍රමාණයක් කිරා බැලීමෙනි. ඉංග්‍රීසි භාෂාවට සැලරි යන වචනය උපුටා ගන්නේ ග්‍රීක භාෂාව එක් වීමෙන් පසුවය. ‘‘සල්’’ යනු ග්‍රීක භාෂාවෙන් ලුණු සඳහා ව්‍යවහාරික වචනයයි.  


 මේ අනුව බලන කල මාසේ අන්තිමට ලබන වැටුප නොහොත් සැලරිය ලුණුවල ඇති සම්බන්ධය අප අමතක නොකළ යුතුය. අද දුර බැහැර කඩවල පවා දවාලට කෑමට බත් නැත. ඇත්තේ ‘‘ෆ්‍රයිඩ් රයිස්’’ ය. ගිනි දවල් මේ රයිස් නමැති බත් සෝස් පොල් තෙල් හා ලුණු මෙන්ම MSG නමැති අජිනොමොටෝ දමා තෙම්පරාදු කරනු ලබයි.   
​ෙම් රයිස් ආහාරයට ගත් වේලේ සිට එහි ඇති ලුණු හා MSG නිසා වතුර හෝ පැණි බීම පානය කොට පිපාසය හා පීඩාව නිවා ගැනීමට සිදු වන්නේ ඒ නිසාය.   


මේ හේතුව නිසාම අධික රුධිර පීඩනයට හේතු වන නිසා බොහෝ බටහිර වෛද්‍යවරු ලුණු මරු කැඳ වන්නේ යැයි විශ්වාස කරයි. සමහර වෛද්‍යවරු දක්වන අන්දමට අපගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය ලුණු ප්‍රමාණය ඕනෑ කමින් වැඩි කරගෙන ඇත. 

 
එහෙත් අවන්හල් වල විකිණීමට ඇති ආහාර වල රසකාරක හා ලුණු යොදා පිළියෙළ කරන ලද ආහාර අනුභව කිරීම නිසා අපේ දරුවන් ආසාමාන්‍ය ලෙස මහත් වීමට පටන් ගෙන ඇත. අතීතයේ මිනිසා ස්වභාවික පළතුරු හා එළවළු ආහාරයට ගැනීම නිසා ඔවුන්ට අධික රුධිර පීඩනය වැනි අසනීප තිබුණේ නැත.   
ඔවුන් ආහාරයට ගත්තේ ස්වාභාවික පළතුරු හා එළවළුය. අප රටේ ඇතම් පිරිස් ව්‍යායාම් කරන මධ්‍යස්ථාන වලට ගොස් ව්‍යායාම් කිරීමේදී පිට වන දහඩියට සාපේක්ෂව අමුතුවෙන් ලුණු ආහාරයට ගතහොත් අසනීප ඔබ කරා එනු නිසැකය.   


මෙහිදී අපගේ ශරීරයට පොටෑසියම් අනවශ්‍ය හෝ හානි කර ද්‍රව්‍යයක් යැයි දුර්මතයක් ඇති කර ගත යුතු නැත. ඇත්තෙන්ම අපේ ශරීරයට පොටෑසියම් එක්තරා ප්‍රමාණයකට අවශ්‍යය. එය ද ලුණු මෙන්ම ලවන විශේෂයක් බව ද අමුතුවෙන් කිව යුතු නැත.   


මා​ංශ පේශී වල ක්‍රියාකාරීත්වයට හා හෘදය වස්තුවේ ඇති මාංශපේශීන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පොටෑසියම් අවශ්‍යම ද්‍රව්‍යයකි. පොටෑසියම් අඩු වීම නිසා ලේ වල ඝන වීමක් සිදු වීමට ඉඩ ඇති බව විශේෂඥ මතයයි. ලුණු ගැන සමාජය අතිෂය බියකින් බලන්නට පෙළඹුණේ ක්ෂණික කෑම කඩ වසංගතයක් ලෙස පැතිරීමත් සමගය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අප අවශ්‍ය ප්‍රමානයට වඩා ලුණු ආහාරයට එකතු කර ගැනීමයි.   


ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රමාණය අඩු වීම නිසා සමහර අයට කෙණ්ඩ පෙරළීම වැනි ආබාධ ඇති වේ. එවැනි අවස්ථාවලදී ලුණු ටිකක් ආහාරයට ගැනිමෙන් එම ආබාධයෙන් මිදීමට හැකි වේ.   


ලුණු ආහාරයට රසවත් භාවයක් එක් කරයි. එහෙත් දීර්ඝ කාලීනව අධික ලෙස ලුණු භාවිතය රුධිර පීඩනය ඇතුළු රෝගාබාධ රැසකට මුලපුරන්නක් විය හැක. ලුණු අපේ දේව විශ්වාස වලට පවා බද්ධ වී ඇති ද්‍රව්‍යයකි. සීනි නැතිව ප්ලේන්ටියක් බිව්වත් ලුණු නැතිව ව්‍යංජනයක් ආහාරයට ගැනීම සෞඛ්‍යමත් පුද්ගලයකුට දුශ්කර කටයුත්තක් වනු නියතය. වර්තමානයේ නම් අපේ මුළුතැන්ගෙයි ලුණු පොල්කට්ට අභාවයට යමින් පවතී. ඒ වෙනුවට ජෑම් බෝතලයකට ලුණු කුඩු දමා හැන්දකින් ප්‍රයෝජනයට ගැනීමට පුරුදු වී ඇත.   

 


අාචාර්ය ප්‍රදීප් පෙරේරා