අගක් මුලක් නැති කතා


රොටර්ඩෑම් වර්ණවත් කළ මහා සැණකෙළිය  

 

 

පසුගියදා රොටර්ඩෑම්හි පැවැති මහා සැණකෙළිය නෙදර්ලන්තවාසීන් මෙන්ම යුරෝපීය සංචාරකයන් අමන්දානන්දයට පත් කළ දැවැන්ත සංස්කෘතික උළෙලක් විය. නැටුම් ශිල්පීන් 2500 ගෙන් හා දැකුම්කලු ලෙස සරසන ලද රථ 30 කින් සංදර්ශනය අලංකෘත වූ අතර මෙවර එය නැරඹීම සඳහා 900,000 පමණ පිරිසක් පැමිණ සිටි බැව් වාර්තා වේ. මෙම සංදර්ශනය හැඳින්වෙන්නේ ‘ගිම්හාන සැණකෙළිය’ ලෙසිනි. 

 
විවිධ වර්ණයෙන් යුත් අලංකාර ඇඳුම් පැලඳුම්වලින් සැරසී විශාල හිස් පලඳනාවන්ගෙන් සැරසුණු සංදර්ශනයට සහභාගී වූ නැටුම් ශිල්පීහු නටමින්, බෙර වයමින් එය අලංකාර කළහ. වසරකට වරක් දින පහක් පුරා පැවැත්වෙන මෙම උත්සවය ලොව නොමිලයේ පවත්වන විශාලතම වීදි සංදර්ශනය ලෙස සැලකේ. එය නැරඹීම සඳහා වාර්ෂිකව යුරෝපයේ විවිධ රටවලින් ලක්ෂ නවයකට අධික පිරිසක් නෙදර්ලන්තයට පැමිණෙති. මෙම සංදර්ශනයෙන් පිළිබිඹු කෙරෙනුයේ කලාව හා සංස්කෘතියේ විවිධත්වයයි.  

 

 

 

 

 


ඩේලිමේල් අසුරිනි.  
ප්‍රියන්ජන් සුරේෂ්