​පොහොට්ටුවට කිසිම ප්‍රාදේශීය සභාවක බලයක් නම් ගන්න හම්බ වෙන්නේ නෑ


ඡන්දවලට මොකද වෙන්නේ ඇමැතිතුමා?  


ඡන්ද පුළුවන් තරම් ඉක්මනින් තියාවි. කිසිම දේශපාලන පක්ෂයක් ඡන්දය කල් දානවට කැමැති නෑ. පහුගියදා රැස්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කළා ඡන්දය හැකි ඉක්මනින් තියන්න අවශ්‍ය සෑම පියවරක්ම ගනිමු කියලා. අධිකරණයටත් ඒ අනුව අපේ නීතිඥයො ඉදිරිපත් වෙයි. ඒ නිසා ඡන්දය ඒ තරම් කල් යන එකක් නෑ.  


ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය ඇතුළු පිරිස පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාට වට කරලා දෙන්න වගේ හදන්නේ?  


 ඒ පිළිබඳව පක්ෂ නායකවරු තීන්දුවක් ගන්න ඕනෑ දෙයක්. ෆයිසර් මුස්තාපා එයාට ඕනෑ වුණ හැටියට ඡන්දෙ කල් දානවා නොවෙයි. විශ්වාසභංග යෝජනාවක් ආවොත් ඒකට මූණ දෙන්න වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන්ම ඒ ගැන අපිට තීන්දු කරන්න අමාරුයි.   


ඡන්දයකට යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ?  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර තැන් දිනාවි. සමහර තැන් පරදීවි. තව සමහර තැන්වලදී තුන්වෙනි තැනටත් වැටේවි.  


 ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ කෑලි දෙක වෙන වෙනම එතකොට?  


මේ පිළිබඳ කණ්ඩායම් දෙකේම පිරිස් මේ වෙද්දිත් යම්යම් සාකච්ඡා පවත්වමින් යනවා. අපේ පාක්ෂිකයන්ට බෙදෙන්නෙ නැතුව එකට යන්න ඕනකමකුත් තියෙනවා. පක්ෂෙ සභාපති විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හැම වෙලේම කිව්​ෙව් කවුරුත් එකට යන්න ඕනෑ කියලා. හැම දෙනාටම එතුමා විවෘත ආරාධනයක් කළා. සන්ධානයේ ඉන්න පක්ෂ නායකයො සියලු දෙනාට කතා කළා. බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාරයක් ඒ ආරාධනයට ලැබුණා. ඒක නිසා අපේ පැත්තෙ ආරාධනය හැම දෙනාටම මුල ඉඳලම තිබුණා. ඒ පැත්ත එකඟ වෙනවා නම් තනි තීන්දුවකට යන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පක්ෂය භාරදීලා උදව් කරනවා කියලා ඊට පස්සේ පිරිසක් එක්ක වෙන්වෙලා ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කරන එක මහින්ද රාජපක්ෂ කරන හොඳ වැඩක් නොවෙයි. 

 
 මේ කණ්ඩායම් දෙක අතරේ කපුකම කරන්න සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න වගේ අය මහින්ද රාජපක්ෂ හමුවුණා කියලත් ආරංචියි. ඒ සාකච්ඡා සාර්ථකයිලුද?  


ඒ පිළිබඳ තවම අපි නිල වශයෙන් අවසන් තීන්දුවකට ඇවිත් නෑ. යම්යම් සාකච්ඡා යනවා. කණ්ඩායම් කීපයක් මේ පිළිබඳ කටයුතු කරමින් ඉන්නේ මේ වෙලාවෙ. ඉදිරියේදී මේ සාකච්ඡාවල ප්‍රතිඵල බලාගන්න පුළුවන් වේවි.  


 ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් මේ වෙද්දී කොන්දේසි ඇවිල්ලානේ. අගමැතිකම හෝ විපක්ෂනායක කම මහින්ද රාජපක්ෂට ලබාදෙනවා නම් ඒ අය කරට අත දාගන්න සූදානම්ලු. ​මේ කොන්දේසිවල ඔබලට එකඟ වෙන්න පුළුවන්ද?  


ඔය කොන්දේසි දෙකම ප්‍රායෝගික නෑනේ. ඒක කාටවත් තනියෙන් තීන්දු කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ජනාධිපතිතුමාටවත් ආණ්ඩු පක්ෂෙ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයට මේ ගැන තනියෙන් තීන්දුවක් අරගන්න බෑ. ඒක නිසා මේ කොන්දේසි දැමිල්ල ප්‍රායෝගික නෑ.  


ඒ කියන්නේ මේ කොන්දේසි දැමිල්ලත් හරියට අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයනවා වගේ වැඩක්ද?  


මෙහෙම කොන්දේසි දානවා නම් ඒකෙ තේරුම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් පරාජය කරන්න ඒ පිරිසට අවශ්‍ය වෙලා තියෙනවා කියන එක. ඒක පක්ෂයටත් පාක්ෂිකයන්ටත් හොඳ දෙයක් නොවෙයි.  


 මේ කණ්ඩායම් දෙක අතරේ කපුකම කරන්න කිව්වම ජනක බණ්ඩාර තෙන්නකෝන් ඒකට පස්ස ගහනවලු. පක්ෂ ජ්‍යෙෂ්ඨයෝම පක්ෂයේ සමගියට මෙහෙම ඇඹරෙන්නේ මොකද?  
මම දන්නේ නෑ. ජනක එහෙම කිව්වද කියලා. ජනක එහෙම බෑ කියයි කියල මම හිතන්​ෙන නෑ. මොකද මෛත්‍රීපාල මැතිතුමා පක්ෂෙන් එළියට යන්න කියලා හරියටම තීන්දු කරන්නත් කලින් මහින්ද රාජපක්ෂට එරෙහිව බලවේගයක් ගොඩනගන්න ඕනැ කියන අදහසේ ඉඳපු ප්‍රධානියෙක් තමයි ජනක බණ්ඩාර. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාම මුලින්ම එතුමව මුණ ගැහෙන්න ගියෙත් ජනක බණ්ඩාර. ඊට පස්සේ එයා ඒ අදහස් වෙනස් කරගත්තා. එහෙම අදහස් වෙනස් කරගෙන ආපහු මහින්ද රාජපක්ෂ ළඟට ගිහින් වැඳලා ඒ පැත්තෙ වාඩි වුණා. ඕක තමයි ජනකගෙ කතන්දරේ. ඒක නිසා ජනකට තියෙනවා නම් ඇත්​ෙත් මේ දෙපැත්ත එකතු කරන්න ගිහින් ඒ අයට මූණ දෙන්න බැරිකමක් වගේ දෙයක් වෙන්න ඇති. එහෙම අපහසුතාවක් මිසක් වෙන කාරණයක් නැතුව ඇති ජනකට.  


ඡන්දය කල් දානවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනාවක් තියෙනවා. මේ පිළිබඳ නඩු මඟට ගියපු අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසර් මුස්තාපා, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා වගේ අයගේ අයලුනේ. ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඡන්දෙට බයේ ද මේ වගේ වංගු ගහන්නේ?  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දවලට බය නෑ. අපි සමහර තැන් දිනාවි. සමහර තැන් අමාරු වේවි. ඒ මොන ප්‍රතිඵලය ආවත් අපි ඉතාම හොඳින් දන්නවා අපේ පාක්ෂිකයා පක්ෂයත් එක්ක නැවත නැවත සූදු කෙළින්න සූදානම් නෑ. ඒකාබද්දෙ පිරිස පොහොට්ටුවෙන් තරග කරලා කිසිම දෙයක් දිනාගන්න බැරි වුණොත් ඒ පාක්ෂිකයො ඊළඟට කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එකතු වෙන එක. මම එහෙම කියන්නේ අතීතය දිහා බලලා. අතීතයෙත් ඒකම සිද්ධ වුණා. පක්ෂෙන් එළියට බැහපු ජ්‍යෙෂ්ඨයෝ පවා අතීතයේදීත් නැවත පක්ෂයට එකතු වුණා. ඒක නිසා ඔය පොහොට්ටුවෙ අයට අනාගතයක් තියෙන්න නම් ඒ අය එක්කො බහුතරයක් දිනන්න ඕනෑ. ඒක කවරදාවත් වෙන්නෙ නැති දෙයක්.  


ඔබ කියපු ඓතිහාසික තත්ත්වයයි අද තත්ත්වයයි ටිකක් එකිනෙකට වෙනස්. ඉතිහාසය ඒ විදියටම නැවත ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්?  


තත්ත්ව දෙක ඔබ කියන විදියට වෙනස් තමයි. හැබැයි එදා වගේ මේ සැරේ පක්ෂෙ ජ්‍යෙෂ්ඨයො කවුරුවත් එළියට ගියේ නෑ. මහින්ද රාජපක්ෂ ඇරෙන්න පක්ෂයේ ප්‍රධාන තනතුරුවල ඉඳපු ජ්‍යෙෂ්ඨයො කවුරුවත් ගියේ නෑ. පක්ෂෙ මහලේකම් අනුර යාපා ලේකම් ධුරයෙන් අස්කළා. එ්ත් එයා ගියේ නෑ. සන්ධානෙ මහලේකම් සුසිල් ප්‍රේම ජයන්ත සන්ධාන ලේකම් කමින් අයින් කළා. ඒත් එයත් පක්ෂෙන් ගියේ නෑ. නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න වගේ ජ්‍යෙෂ්ඨයොත් ගියේ නෑ. ඒක නිසා අතීතයේ කඩාගෙන කණ්ඩායම් තරම්වත් මේ සැරේ ඒ පිරිස ශක්තිමත් නෑ. ඒ පැත්තට ගියේ ඉතාම දුර්වල පිරිසක්.  


හැබැයි ඒ අය කියන්නේ මහින්ද ගෝඨාභය බැසිල් වගේ හොඳ තුරුම්පු තියෙනවා කියලා ඒ පැත්තේ?  


ඔව්. එහෙම කියන්න පුළුවන්. හැබැයි ඔය කියන හැම නමකටම බරපතළ ප්‍රශ්න තියෙනවා. ඉතිහාස​ෙය් මේ අය පක්ෂයට ලොකු සේවයක් කළා වගේම පක්ෂයට බරපතළ හානියකුත් කළා. බරපතළ චෝදනා නැති එක රාජපක්ෂවරයෙකු විතරයි ඒ පැත්තේ ඉන්නේ. ඒ චමල් රාජපක්ෂ.  


 ඡන්දය පමා වීමට එරෙහිව පාරට බහිනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණත් කියනවා. ඒ අය ඒකාබද්ධ විපක්ෂයටත් ඒ සටනට ආරාධනා කරනවා. එහෙම වුණොත් ඔබලාට ලේසි වෙන එකක් නෑ මේක තවත් ඇදගෙන යන්න?  


ජනතා විමුක්ති පෙරමුණ ඉතිං කොහොමත් පාරෙමනේ ඉන්නේ. ඒක නිසා ඒ අයගේ පාරට බැහීම ගැන අපට ප්‍රශ්නයක් නෑ. ජේ.වී.පී. එකට මේ ප්‍රශ්නය මේ තරමට උග්‍ර වෙලා තියෙන්නේ මොකද දන්නවද. ඔවුන්​ෙග යටිහිතේ බයක් තියෙනවා මේ කණ්ඩායම් දෙක එකතු වෙයි කියලා. ඒ එකතු නොවීම හරහා ඒ අය හිතනවා ඒ අයට යම් වාසියක් ලැබෙයි කියලා. මේක ඔය ඒකාබද්දෙ අය තේරුම් ගන්නවා නම් ජේ.වී.පී. ඒ වාසිය නොදෙන්න වැඩ කරන්න ඕනැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරන්න ඒ අයට ඕන නම් ජනතා විමුක්ති පෙරමුණට ඒ වාසිය දේවි.  


ජනතා විමුක්ති පෙරමුණටත් වඩා ඔබලගෙ බෙදීම නිසා වාසිය හම්බ වෙන්නේ යූ.එන්.පී. එකට නේද. මේ ගැන හිතන්නේ නැද්ද?  


පැහැදිලිව එහෙම තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයට වාසියක් ලැබෙනවා.  


 ඇයි දෙගොල්ලොම යූ.එන්.පී. එකට ඒ වාසිය දෙන්නේ?  


ඒක අහන්න ඕනෑ. අපිටත් වඩා ඔය ඒකාබද්දෙ අයගෙන් තමයි. ඒ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ඉන්න බෑ කියලා කියන්නේ මෛත්‍රීපාල මැතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවක් හැදුවා කියන එකනේ. ඒත් පක්ෂය ඒ තැනට තල්ලු කළේ කවුරුන්ද. ඒක කළේ මහින්ද රාජපක්ෂ. දෙවෙනි වතාවටත් අපේ පක්ෂය පරාජය කිරීමේ වගකීම තියෙන්නේ මහින්ද රාජපක්ෂ අතේ. ඊළඟට එන ඡන්දෙකදි පොහොට්ටුවක් හරි මොකක් හරි අටවාගෙන ඡන්දෙ ඉල්ලන එක හරහා නැවත වතාවක් පක්ෂයට අවාසියක් අත්කර දෙන්නෙ ඒ අයමයි. මේ ටික ඒ අයට නොතේරෙන්න ඒ අය තොත්ත බබ්බු නොවෙයිනේ. මේ ටික ගමේ ශ්‍රී ලංකා පාක්ෂිකයො තේරුම් ගනීවි.  


 පහුගිය දවසෙ අනුරාධපුරේ තිබුණු රැලියට ආපු සෙනඟක් එක්ක ඒ අය උද්දාම වෙලා වගේ ඉන්නේ.  


අයියෝ ඒක ගණන් ගන්න තරම් දෙයක් නෙවෙයි. ඒක පුංචි රැස්වීමක්. ඒක සාර්ථක රැස්වීමකුත් නෙවෙයි. ඒක ඔය කියන තරම් උදම් අනන්න තරම් දෙයක් නෙවෙයි. ඔය වගේ ඒවා කීයක් ඒ අය කළාද ‘මහින්ද සුළඟ’ කිව්වා, ‘මහින්ද සමඟ නැගිටිමු’ කිව්වා, ‘මහින්ද සුනාමිය’ කිව්වා. ‘මහින්ද රැල්ල’ කිව්වා. එකක්වත් සාර්ථක වුණාද?  


 රාජපක්ෂලා පට්ට හොරු කියලා එදා වේදිකා දෙවනත් කරපු මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස රාජපක්ෂලා හිරකරන පාටක් නෑ කියලා මිනිස්සු කියන්නේ. මේවා ඩීල් නොවෙයිද?  


මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඔය හොරකම්වලට නම් ගෑවිච්ච කිසිම කෙනෙක් එක්ක ඩීල් එකක් නෑ කියලා ඕන කෙනෙක් දන්නවා. රටේ මිනිස්සු දන්නවා ඩීල් තියෙන්නේ කා අතරද කියලා.  


ඔය කියන්නේ මහින්ද රාජපක්ෂට ඩීල් තියෙන්නේ යූ.එන්.පී. එකත් එක්ක කියලද?  


මම ඒක කියන්න ඕනෑ නෑ. කවුරුත් දන්නවා ඩීල් තියෙන්නේ කවුරු අතරෙද කියලා. රටේ මිනිස්සුන්ට මේවා තේරෙනවා.  


 පහුගිය ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ෂ එක්ක ඉඳලා ඊට පස්​ෙස් ‘අප්පච්චි මළා’ කියලා මෛත්‍රී ළඟට ගිහින් දැන් ආපහු ඡන්ද කරන්නේ මහින්ද එක්කයි කියලා කියන විජිත විජයමුණි සොයිසා ව​ෙග් අයගේ කතාවලින් පාක්ෂිකයා හොල්මන් වෙනවා නේද?  


රාජපක්ෂවරු වගේම ඒ අය එක්ක එළියට ගියපු බොහෝ දෙ​ෙනක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො. ඒ අය එක්ක ඉන්න වීරවංශලා, දිනේෂ්ලා, ගම්මන්පිලලා වගේ අය වමේ හිටගන්න අය. වෙන්වෙලා හිටියත් මේ අයට එක්වීමේ නොහැකියාවක් නෑ. විජිතමුණි සොයිසා කිව්වේ පක්ෂෙ හිටපු සභාපති පැරදුණාම හිටපු ලේකම් එක්ක එකතුවෙමු කියන එක. මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ සභාපතිකම ලැබෙන්න කලින් ඔහුත් එක්ක එළියට ගියපු අය පක්ෂයෙන් අස් කළා. විජිතමුණි සොයිසාගේ පාරේ යමින් පක්ෂය ආපහු මෛත්‍රීට භාර දුන්නෙත් මහින්දම නේ. සොයිසාගේ තියරිය ප්‍රැක්ටිකල්ම කරලා පෙන්නුවේ මහින්ද රාජපක්ෂ.  


එස්.බී. ට කියන්​ෙන් ඡන්ද මැෂිම කියලනේ. ළඟ එන ඡන්දෙදි ඒ මැෂිම ක්‍රියාකරයිද ඉස්සර වගේම?  


පක්ෂය අද ලොකු අර්බුදයක ඉන්නේ. මේ ප්‍රශ්න ටික විසඳාගන්න ඕනෑ ඔක්කොටම කලින්. අපි අපේ පක්ෂය දිනවන්න ක්‍රියා කරගෙන යනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත්ව කරන්න ඕනැ. එහෙම කළේ නැත්නම් අපිට අමාරුයි. අපි ඒ වැඩ කරගෙන යනවා. අපි ගමට බැහැලා පක්ෂය ගොඩගන්න කටයුතු කරගෙන යනවා. සමහර සංවිධායකයො නම් තාම හරියට වැඩ කරන්නේ නැ. ඒකත් කියන්න ඕනෑ. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන මේ වැඩේ කරන්​න බෑ. පහුගිය මහමැතිවරණයේදී ඉඳපු තත්ත්වයට වඩා ගොඩක් හොඳ තැනක අපි අද ඉන්නවා. අපිට යම් යම් තැන්වල අමාරු වෙයි. ​ෙපාට්ටුවට ඊටත් අමාරුවෙයි. පොට්ටුවට කිසිම ප්‍රාදේශීය සභාවක බලයක් නම් ගන්න හම්බවෙන්නෙ නෑ. ඒකෙ දෙකක් නෑ. හම්බන්තොටවත් දිනන්න හම්බ වෙන්නේ නෑ.

 

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි