​රෝහණ විජේවීරගේ මරණය එදා වාර්තා වුණේ මෙහෙමයි


  •  අත්අඩංගුවට පත්වූ පසු ‘‘බඩු භාණ්ඩ පෙන්වන්න’’ ගිය අවස්ථාවේ සිදුවූ ප්‍රථම මරණය ද මෙයයි.   

 

 

ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර ඝාතනය එදා පමණක් නොව අදටද ආන්දෝලනාත්මක සිදුවීමකි. ඔහු මරණයට පත්වූ බව 1989 නොවැම්බර් 13 වැනිදා නිවේදනය වූයේ ​ෙම් අයුරිනි.   


‘‘රෝහණ විජේවීර වෙඩි කා නසී’’ ඒ 1989 නොවැම්බර් මස 14 දින දිනමිණ පුවත්පතේ පළවූ විජේවීරගේ අවසානය පිළිබඳව ලිපියේ ප්‍රධාන මාතෘකාවය. 

 
එහි උපමාතෘකා ​ෙමසේ සඳහන් විය.   


‘‘උලපනේදී අල්ලයි’’, ‘‘නායකයාට වෙඩි තැබූ සගයාත් නසී’’, ‘‘ආදාහනය ඊයේම’’, ‘‘බිරියට දරුවන්ට රැකවරණ’’, ‘‘හිංසා එපා’’, ‘‘සිය කැමැත්තෙන්ම ආයාචනයක්’’.   


මෙවන්වූ මාතෘකා යටතේ හෙළිදරව් කළ විජේවීරගේ මළගම පිළිබඳ ඒ පුවත්පත ​තොරතුරු දක්වා තිබුණේ මෙ​ෙස්ය.   


‘‘ජනතා විමුක්ති පෙරමුණේ සභාපති රෝහණ විජේවීර මහතා (46) කොළඹට නුදුරු ජවිපෙ ප්‍රචාරක මූලස්ථානයක දී ඊයේ අලුයම වෙඩිකා මියගියේය.   


විදේශ ඇමැති හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ඊයේ මේ බව ප්‍රකාශ කළේය.   


උල​පනේ නිවසේදී විජේවීර අල්ලාගත් බවත්, පෙරේදා රාත්‍රී දහයට එ​ෙස් අල්ලාගත් වි​ෙජ්වීර කොළඹට ගෙන ආ බවත් ජවිපෙ ප්‍රචාරක මූලස්ථානය පෙන්වීමට ගිය ගමනේදී ජවිපෙ මධ්‍යම කාරක සභික එච්.බී. හේරත් විසින් ඔහුට වෙඩි තබා ඇති බවත් ඒ අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් හේරත් හා විජේවීර මරුමුවට පත්වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළ බව පුවතේ වාර්තා කර තිබිණි.   


කොළඹ කනත්තේදී ආදාහනය සිදු කළ බවද ඇමැතිවරයා කී බව එහි සඳහන් විය.   


මෙම ආදාහනය හදිසි නීතිය යටතේ සිදුකළ බවත් පවුලේ කිසිවෙක් ඊට සහභාගී කර නොගත් බවත් රන්ජන් විජේරත්න මහතා ප්‍රකාශ කළ බවත් එහි සඳහන් විය.   


විජේවීර කොළඹට ගෙන ආ අවස්ථාවේ හිංසා ක්‍රියා නතර කරන ලෙස තරුණයන්ගෙන් ඔහු ඉල්ලූ හඬ පටයක් ඇති බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කරන බවත් ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.   
මේ ආකාරයට විජේවීරගේ මරණය ගැන අදහස් දක්වා ඇති අමාත්‍යවරයා රෝහණ විජේවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා නියම කර අැති බවත් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට එවකට සිටි විදේශ රාජ්‍ය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් හැමිල්ටන් වනසිංහ මහතා සහභාගී වී ඇති බවත් පුවත්පත් වාර්තාවේ සඳහන් විය.   


මෙම පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් විජේවීර මහතා අත්අඩංගුවට ගත්තේ ඔත්තුවක් මත දැයි අසන ලද ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු දී තිබුණේ ‘එසේ විය හැකියි’ යනුවෙනි.   


රෝහණ විජේවීර අල්ලා ගන්නා අවස්ථාවේ ඔහු උඩු හා යටි රැවුල් නැතිව සිටි බවත්, උපැස් පැළඳ සිටිමුත් හිස්වැසුමක් පැළඳ නොසිටි බවත් පැවසූ අමාත්‍යවරයා කොළඹට ගෙන ආ අවස්ථා​වේ තමන් ඔහු නොදුටු බවත් ප්‍රකාශ කර තිබිණි.   


වි​ෙජ්වීරගේ අළු පවුලේ අය ඉල්ලා සිටින්නේ නම් පමණක් භාරදීම පිළිබඳ සලකා බලන බවත් විජේවීර මහතාගේ පවුලේ අයට රැකවරණය දීම සඳහා අත්අඩංගුවට ගෙන කොළඹට ගෙනෙන බවත් රන්ජන් විජේරත්න ඇමැතිවරයා එහිදී කියා සිටියේය.   


රට පිරිසිදු කිරීම රජයේ අරමුණ බව ප්‍රකාශ කර ඇති ඇමැතිවරයා විජේවීර මහතාගේ මුහුණට කර තිබූ වෙනස්කම් හා ව්‍යාජ වෙනස්වීම ගැන හොඳ අවබෝධයක් ලබා සිටි පිරිසක් ඔහු අත්අඩංගුවට ගත් බවද ප්‍රකාශ කර ඇත.   


එදා විජේවීරගේ මරණය පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ එසේය. 

 
මීට අමතරව රෝහණ විජේවීර පිළිබඳව ලංකාදීප, දිවයින ඇතුළු එදා තිබූ සියලුම පුවත්පත්වල ප්‍රධාන පුවත ලෙස පළවිය. එම වාර්තා අනුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා විජේවීර මහතා කොළඹට ගෙන එන්නේය. ඉන්පසු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ රෝහණ විජේවීර මහතා තරුණ පරපුරට සැහැසිකම් නවත්වන ලෙස ඉල්ලූ හඬ පටයකුත් නිකුත් කරන්නේය.   


එම කර්තව්‍ය නිම කළ පසු ඒකාබද්ධ හමුදා හා පොලිස් පරීක්‍ෂණ කණ්ඩායමක් සමඟ ජනතා විමුක්ති පෙරමුණ, ​ෙද්ශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මූලස්ථාන මධ්‍යස්ථානයක් පිහිටි ස්ථානයට ගෙන යන්නේය. ඒ අලුයම එකට පමණය. මෙය කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටස්තර ස්ථානයක පිහිටා තිබී ඇත. එම ස්ථානයට ගිය විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික එච්.බී, හේරත් මහතාගෙන් සිය මූලස්ථානයේ ලිපිද්‍රව්‍ය සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය පරීක්ෂණ නිලධාරීන්ට භාරදෙන ලෙස ඉල්ලා ඇත. ඒ මොහොතේ ඔහු භාණ්ඩ කීපයක් දුන් බවත් හදිසියේම අවියක් ඇද රෝහණ විජේවීරට වෙඩි තැබූ බවත් එහිදී ක්‍රියාත්මක වූ ආරක්‍ෂක නිලධාරින් හේරත් වෙත වෙඩි තැබූ බවත් එම ගැටුමෙන් තදබල තුවාල ලැබූ දෙදෙනාම මියගිය බවත් පුවත්පත් වාර්ත​ාවල සඳහන් වී තිබුණේය.   


මෙම සිරුර දවන ලද්දේ හදිසි නීතිය යටතේ බවත් එහි සඳහන් විය. එසේම මූලස්ථානයේ තිබී ඉන්දියාවේ සෑදූ මි.මී. 19 පිස්තෝලයක් සහ වෙඩි උණ්ඩ හතක්, මී.මී. 9 හිස් පතරොම් කොපුවක්, අංකය පීරි ගා තිබූ බෝර දොළහේ තුවක්කුවක්, නොම්මර 12 පතරොම් 10 ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර සහ රූපවාහිනියක් සහ ඩෙක් යන්ත්‍රයක්, කැසට් ගුවන් විදුලි යන්ත්‍රයක් සහ කැසට් පටි කීපයක්, කැසට් පටි 7 ක්, දේශපාලන මණ්ඩල වාර්තා ඇතුළත් ලියකියවිලි, ලක්ෂ 50 ට වඩා වැඩි වටිනාකමකින් යුත් කිලෝ 7.3 ක රත්‍රං තිබූ බව සඳහන් කර ඇත.   


මේ අාකාරයට විජේවීර සහ ඔහුගේ දේශපාලනමය පසුබිමත් මරණයත් පිළිබඳ පුවත්පත් වාර්තා පළවූ අතර පසු කලෙක, ඒ බිහිසුණු මරණයේ මතකය පිළිබඳ සිළුමිණ පුවත්පතේ ධර්මසිරි ගමගේ මහතා විසින් සපයා තිබුණේ මෙවන් ​තොරතුරුය.   


එම ලිපි​ෙය් මාතෘකාව ‘‘රෝහණ විජේවීර මරා පිළිස්සූ ඒ බියකරු රාත්‍රිය’’ නම් විය.   


එහි දක්වා තිබූ තතු මෙසේය. එනම් එවකට සිටි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා විසින් රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ප්‍රකාශ කළ සියලු ​ෙද් අවිනිශ්චිත බව බී.බී.සී. ලෝක සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු සඳහන් කර ඇත. මෙම පුවත නිසා පාර්ලිමේන්තුවද ආන්දෝලනාත්මක විය. එවකට විපක්ෂයේ සිට කටයුතු කළ ලක්ෂ්මන් ජයකොඩි සහ හලීම් ඉෂාක් මහත්වරුන් ද අමාත්‍යවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක්කර ඇත.   


ඔවුන් රෝහණ විජේවීර මැරූ ස්ථානය, පිළිස්සූ ස්ථානය සහ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානය පිළිබඳ හෙළිකරන ලෙස ඉල්ලා ඇත.   


මෙවන්වූ තත්ත්වයක දී ධර්මසිරි ගමගේ මාධ්‍යවේදියා ඒ පිළිබඳව තොරතුරු සොයා යන්නට විය. ඉන්පසු ඔහු සොයාගත් ​තොරතුරු මෙසේ අකුරු කර ඇත.   


‘‘දිනය 1989 නොවැම්බර් 13 වැනිදාය. වේලාව අලුයම 1.35 විය. පෙරදා රාත්‍රී 8.30 ට රාජකාරී නිමකර කනත්තේ ප්‍රධාන පාලක ආර්.ඩී. ගුණතිලක මහතා නිවසට පැමිණියේය.   


ඔහු දෛනික කටයුතු නිම කර නින්දට වැටිණි. ඒ මොහොතේ කොළඹ ගොල්ෆ් පිටියේ එක් ඛේදවාචකයක් සිදුවෙමින් තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හමුදා පොලිස් හා ආර්.ඩී.එෆ්. විසින් කොළඹ ​ෙගාල්ෆ් පිටියට ගෙන එනු ලැබිණ. විජේවීරගේ දීර්ඝකාලීන සමීපතමයකු වූ හේරත් බණ්ඩාද ඊට සමීප ස්ථානයක ජීවිතයේ අවසන් තත්පර කීපය ගෙවමින් සිටියේය. ප්‍රශ්න කිරීම් හඬපට හැඟීම්වලින් විජේවීර හෙම්බත් කරවූවේය.   


විජේවීර රැගත් යුහ අංක 601 වාහනය ගොල්ෆ් පිටියට ඇතුළු වූ අතර අංක 06 දරන ගොල්ෆ් වළ ළඟ රථය නැවැත්වීය. එම ස්ථානයේ තිබූ මහා වෘක්ෂයක් යටදී බිමට බැස්සවූ විජේවීරට සිදුවන්නට යන්නේ කුමක්දැයි ඉවෙන් මෙන් දැන ගත්තේය. ඔහුගේ දෑත්වල පිටිකර සිටින සේ මාංචු වැටිණි. විජේවීර තම දරුවන්ට කිසිවක් නොකරන ලෙස ආයාචනා කළේය. පිස්තෝලයකින් මුල්ම වෙඩි පහර දෙක විජේවීරගේ හිසට එල්ල විය. එය නිදා සිටි ගුණතිලක මහතාට ඇසුණේය. කෙටිකාලීන නිහැඬියාවකට පසු වෙඩි හඬවල් 12 ක් ගුණතිලක මහතාට ඇසුණේය.   


ඊළඟ තත්ප​රයේදී ​වේගයෙන් පැමිණි රථ කීපයක් සිය නිවස ඉදිරිපිට නැවැත්වූවේය.   


ටික වේලාවකින් කවුරුන් හෝ ගුණතිලක මහතාගේ දොරට ගහන හඬ ඇසෙන්නට විය.   

 

 

‘‘අපි පොලීසියෙන්’’ ඔහුගේ සවන වැකිණි. ගුණතිලක මහතා දොර හැරියේය. පොලිස් නිලධාරියා පවසා සිටියේ මළ සිරුරු දෙකක් ඉක්මනින්ම පිච්චීමට අවශ්‍ය බවයි. සිතට හැඟුණ දහසකුත් එකක් ප්‍රශ්න පිළිබඳ ගුණතිලක මහතාට සිත සිතා සිටිනු ​නොහැකි විය. ආදාහනාගාරයේ ගෑස් යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු සොයා ගත යුතු බව පමණක් ඔහු පැවසුවේය.   


​පොලිස් නිලධාරියා එහි වගකීම භාර​ ගත්තේය. ඒ අනුව කනත්ත අසලම සිටි සේවකයාගේ නම සහ ලිපිනය ඉල්ලා ගත් ඔහු ඊට අවශ්‍ය දෑ නිලධාරීන් අතට ​යොමු කළේය.   


ඒ අනුව ජුසේ අයියා නම් වූ ඔහු රැගෙන ඒමට ඒ නිලධාරීන් පිටත්ව ගිය අතර, ගුණතිලක මහතා රැගත් පොලිස් රථය කනත්තට පිටත් වූවේය.   


කනත්තට ගිය ගුණතිලක මහතා අවශ්‍ය යතුරු හා උපකරණ ළඟට ගත්​ෙත්ය.   


ජුසේ අයියා කැඳවා එන්නට ගිය පොලිස් කණ්ඩායම ද ඔහුව රැ​ගෙන කනත්තට පැමිණියහ. පොලිස් නිලධාරියා ජුසේට ගෑස් කාමරය ලැහැස්ති කිරීමට අණ කළේය. ආදාහනාගාරය වෙනදාට වඩා දැඩි රැකවලින් යුතු විය.   
​ෙම් වනවිට අලුයම 2.40 පමණ වී තිබුණේය. පොලිස් නිලධාරියා වෝකි ටෝකිය ​ෙගන යමෙකුට කතා කළේය. ‘‘ඔක්කොම හරි. දැන් පිටත් වෙන්නැ’’ යි ඔහු අවධාරණය කළේය.   


සිවිල් ඇඳුමින් සිටි හමුදා නිලධාරීහු යුද හමුදා රථයට විජේවීර සහ​ හේරත් බණ්ඩාරගේ සිරුර දමා ගත්හ. ​ෙගාල්ෆ් පිටියෙන් පිටත්වූ ඔවුහු කනත්තේ පිටුපස ගේට්ටුවෙන් ඇතුළු වූවෝය.   


රථයෙන් බැසගත් පිරිස ඒ තුළ වූ එක් මළ සිරුරක් ඉවතට ගෙන සිමෙන්ති පොළොවෙන් තැබූහ. දෙවැනි සිරුරද ඒ අසලින්ම තැබූහ.   ගුණතිලක මහතා සිරුරු අයිතිකරුවන් හඳුනා ගත්තේය.   


පොලිස් නිලධාරියා ඔහුගෙන් ‘‘මළ සිරුරු අඳුරනවාදැ’’යි ඇසීය. ඔහු නිහඬව බලා සිටියේය. ඒත් ඔහු දුටුවේ විරූපි වී රුධිරයෙන් තෙත්වුණු මුහුණුය.   


පොලිස් නිලධාරියා ‘‘අද අපි ලංකාවේ ත්‍රස්තවාදය ඉවර කළා. මින් පසු ත්‍රස්තවාදයක් නෑ’’ යි පැවසුවේය.​ මෙම පොලිස් නිලධාරියා සමඟ හමුදා ප්‍රධානීහු කීප දෙනෙක් ද වූහ.   


‘‘වෙලාව අලුයම තුනයි පහයි, වෙලාව බැලූ පොලිස් නිලධාරියා ගෑස් කාමරයේ වැඩ හරි බව දැන ගත්තේය. ඉන්පසු මිනී දෙක ඇතුළට දාන්නැයි අණ කළේය.   


මුලින්ම විජේවීරගේ සිරුර ඔසවා ගත් සිව්දෙනා සිරුර ඉස්සරහට පස්සට පද්දවා ඇතුළට දැමීමට තැත් කළේය. ඒත් එය අසාර්ථක විය. හේතුව ඔහු මියගිය වෙලාව දිගු නොවීමය. තවමත් උණුසුම් ලේ ය.   


සිරුර දෙවරක්ම බිම පතිත විය. මෙය බලාසිටිය නොහැකි තැන ස්ටෝරුවේ ඇති සවලක් ලබාදීමට ගුණතිලක මහතා කටයුතු කළේය.   


මෙහි අාධාරයෙන් සිරුරු දෙක උඳුනට තල්ලු කළහ. ගෑස් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. ගිනි ඇවිළෙන්නට විය.   


ටික වෙලාවක් කල්පනා කරමින් සිටි පොලිස් නිලධාරියා මිනී පිච්චෙන්නට යන වේලාව ඇසුවේය. එය දැනගත් පසු හරියටම පාන්දර 5 ට තමා එන බව දන්වා පිටත් විය.   


1989 ​​නොවැම්බර් මස 11 දා අලුයම 4.40 වනවිට සිරුරු දැවී අවසන් විය. භෂ්මාවශේෂ ගෑස් උදුනේ එසේම තැබුවේය.   


‘‘අපට මේ අළු ටික එකතු කරගන්න ඕනෑ’’ අසල සිටි හමුදා භටයෝ පැවසුවේය.   


අළු ටික එකතු කරගත් ඔවුහු කුමක්දෝ සෙවූහ. ඒ දෑත් පිටිකර බැඳ තිබූ මාංචුය. ඒවා සොයාගත් ඔවුහු ඒවා පරිස්සමට පොලිතින් කවරයකට දමා ගත්හ. එහෙත් අළු පිළිබඳ කිසිදු කතාවක් නොවීය.’’   


එම අළුවලට සිදුවූයේ කුමක්දැයි මෙම විස්තර ලියා පළකළ මාධ්‍යවේදීයාද සඳහන් කර ​නොතිබිණි.   


ඒ පිළිබඳව දන්නේ ගුණතිලක මහතාය. එහෙත් මේ වනවිට ඔහු ජීවත්වනවාද යන්න අපි නොදනිමු.   


එදා මේ ආකාරයට ජවිපෙ නායක රෝහණ විජේවීරගේ මරණය පිළිබඳ පුවත්පත්වල විවිධ වූ කතන්දර පළවූවේය.   

 

 

 

 

 

සටහන - කුමාරි හේරත්