මේ වසරේ ණය ගෙවන්න රුපියල් බිලියන 1200 ක් ඕනෑ


(දයාසීලි ලියනගේ) 

මේ වසරේදී රුපියල් බිලියන 1200 ක දේශීය හා විදේශීය ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇත. 


 මෙයින් විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක් බව ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය. මෙම මුදල් ගෙවීම සඳහා රටේ ප්‍රාථමික ගිණුම අතිරික්තව තිබිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය. 


 එ් සඳහා මේ වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තය සියයට 1.4 ක ප්‍රමාණයට රඳවා ගැනීමට සැළසුම් කර ඇතැයි ද ඔහු කීය.