පාතාලයට ගහන්න විශේෂ කාර්ය බළකායට අලුත් ගිනිඅවි


 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා අලුතින් නවීන පන්නයේ ගිනි අවි දහසකට (1000)කට ආසන්න සංඛ්‍යාවක් ඇ​ෙමරිකාවෙන් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ‘ලංකාදීප’යට පැවැසීය.  

මත් ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මැඩලීමට සුවිශේෂි කාර්යයක් ඉටුකරන පොලිස් විශේෂ කාර්ය බළකායේ එම කටයුතු තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නවීන පන්නයේ ගිනි අවි ඇමරිකාවෙන් මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.  


එම්. 16 වර්ගයේ ගිනි අවි 500ක් ද එම්.පී. 05 වර්ගයේ මැෂින්ගන් අවි 250ක් සහ පිස්තෝල 200ක් මෙසේ මිලදී ගැනීමට නියමිතව තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම වේගවත් කිරීමට පොලිස් බලධාරින්ට උපදෙස් ලබාදී ඇත.