ජාතික රජයකට යළිත් යෝජනාවක්


(දයාසීලි ලියනගේ)  

ජාතික රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වී ඇතැයි වාර්තාවේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු මේ සඳහා වන යෝජනාවක් පක්ෂ නායකයකුට ඉදිරිපත් කර ඇතැයිද දැන ගන්නට ඇත.  


එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන අතර ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් පිරිසක්ද ජාතික රජයකට එකඟ වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන්ට යෝජනා කර ඇති බවද වාර්තාවේ.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති ධුර දැරූ 21 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම යෝජනාවට කැමැත්ත දක්වා ඇති බව සඳහන්වේ.  

 

මේ සම්බන්ධයෙන් වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ එවැනි තීන්දුවක් ගෙන නැති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරි දිනවලදී තීරණාත්මක සාකච්ඡා පවත්වනු ඇතැයිද ඔහු කීය.  


මේ අතර එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරි ගමනක් යාමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් සිටී නම් ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් කරුණු සලකා බැලීම සඳහා මන්ත්‍රී කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර ඇත.