​ලෝකයේ දෙවැනි ලස්සනම නගරයයි මේ


 

සිංගප්පූරුව ලෝකයේ ලස්සනම නගරය බව ඔබ දන්නා බව මට විශ්වාසයි. නමුත් මා දැන් හඳුන්වන නගරය පිහිටියේ වැහි දෙවියන් ඉඳහිට පමණක් මුහුණ බලන අරාබියේ මුතු අැටය ලෙස හැඳින්වෙන ඕමානයේය.  
මස්කට් යනු ලංකාවේ අපට නම් රසවත් අතුරුපසක් වුවද අරාබියට නම් ලස්සනම පිරිසිදුම අගනුවරය. 1970 වසරට පෙර ඉතාම දුප්පත් රටක් වුවද ඉන්පසු වර්තමාන රජුගේ බුද්ධිමත් පාලනය හේතුවෙන් මෙය සුරපුරක් මෙන් විය. 

 
ඡන්ද පෝස්ටර්, බැනර්, කටවුට් කිසිවක් නැති මෙම නගරයේ ලක්ෂ ගණන් විදේශිකයන් පවා රටට අනුව හැඩගැසී ඇත. උදෑසන 07 ට පෙර මුළු නගර​ෙය්ම කුණු ඉවත්කරන අතර ඉතාම පිරිසිදු වැසිකිළි පද්ධතියකට හිමිකම් කියන බව කියන්නේ ආඩම්බරයෙනි.  


වසරකට ඉතාම අඩු වැසි කාලයක් ඇති කාන්තාර වලින් සහ කඳු වලින් වටවූ කාෂ්ඨක අවු රස්මියද ​ෙනාතකා මුහුදු ජලය පවිත්‍ර කර අග නගරයේ වෘක්ෂලතාවල පිපාසය සංසිඳුවන අයුරු දැකීමද ඉතා ප්‍රියජනකය.  
සෑම ආපන ශාලාවකටම පිරිසිදු වැසිකිළියක් හිමිවිය යුතුම අතර අත පිසීමට පත්තර කොළ කිසිම තැනක නොමැත. ස්ථානය අපිරිසිදු නම් රජයෙන් කිසි සමාවක් නොමැතිය. අපිරිසිදු රථ වාහනවලටද පොලීසියෙන් සමාවක් නැත.  

 

 


මෙවන් රටවලින් අපි ආදර්ශ ගත යුතුය.  

 


සුනිල් ගීගනාරච්චි  
මස්කට්, ඕමාන්.