සහරා ෆ්ලෑෂ් සයිප්‍රසයේ සංචාරයක


දිවයිනේ ඉතාම ජනප්‍රිය හා දැවැන්ත සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සයිප්‍රස් රාජ්‍යයට පැමිණීමට නියමිත බව එම සංවිධායක මණ්ඩලය දැනුම් දෙනු ලබයි. වැඩිම කලාකරුවන් රැසක් සහභාගිවන මෙම ප්‍රාසාංගික වේදිකාව හැඩගන්වන්නට ගීත ලොවේ ජනප්‍රිය ගීත කෝකිලාවියක වන ශෂිකා නිසංසලා සමග උද්දික ප්‍රේමරත්න, අංජු වර්ණකුලසූරිය සහභාගිවන අතර ආදරණීය ගී වස්සානය සහ මහිංස සුසංයෝගයෙන් පැවැත්වේ.  


2019.03.10 වැනි ඉරු දින නිකෝසියා ස්ටේට් ෆෙයාර් හිදී දහවල් 11 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන මෙම සංගීත ප්‍රසංගය විඩාබර ඔබේ සිත් සතන් සංගීතයෙන් සනහාලන්නට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ හෙළ සිරිතයි අපේකමයි සුරකිමින් සයිප්‍රසයේ තිබෙන එකම ලංකා කඩේ සොහොයුරන් විසිනි. කලාකරුවන් 16 දෙනකු සහභාගිවන සහරා ෆ්ලෑෂ් සමගින් විනෝද වෙන්නට එකතුවන්න. චාමර, තරංග, ඉනෝජ් සහ නුවන් (අච්චා) සංවිධායක මණ්ඩලය සංගීතලෝලී ඔබට කෙරෙන සුහද ආරාධනා.  

 

 


විමලා යාපා - සයිප්‍රස්