ලොව පුදුම කළ මුහුද යට උමඟ


 

එංගලන්තය ඇතුළු මහා බ්‍රිතාන්‍යය ප්‍රංශය ඇතුළු යුරෝපා මහාද්වීපයෙන් වෙන්වී දුපතක් බවට පත්වූයේ මීට අවුරුදු අටදාහකට (8000) පමණ පෙරයි. එංගලන්තය හා ප්‍රංශය අතර ඇති මුහුදු ප්‍රදේශය දොවර් සමුද්‍ර සන්ධිය (STRAIT OF DOVER) යනුවෙන් හඳුන්වනු ලබයි.   


එංගලන්තයේ හා ප්‍රංශය අතර ඇති කෙටිම දුර ඇත්තේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ (COUNTY OF KENT) පිහිටි දෝවර් (DOVER) නගරය හා ප්‍රංශයේ ‘පාද කැලේ’ (PAS DE CALAIS) ප්‍රාන්තයේ පිහිටි ක​ැලේ CALAIS නගරය අතරයි.   
වර්තමාන ලෝකයේ වඩාත්ම කාර්ය බහුල මුහුදු තීරය මේ ඉංග්‍රීසි චැනලයයි. මේ චැනලය ඔස්සේ දිනකට නැව් හත්සිය පනහක් පමණ යාත්‍රා කරයි.   


ඉංග්‍රීසි චැනලයට යටින් උමගක් තැනීම සඳහා වර්ෂ 1802 දී මුලින්ම යෝජනා ක​ෙළ් ප්‍රංශ ජාතික පතල් ඉංජි​ෙනරුවකු වූ ඇල්බර්ට් මැතිව්ය. (ALBERT MATHIEU) තෙල් ලාම්පුවලින් ආලෝකමත් කරන ලද උමගක් තුළින් අශ්ව කෝච්චි ගමන් කරවීම ඔහුගේ අදහස විය. මේ අදහස ක්‍රියාත්මක වූයේ නැත.   


මින් පසුව ද විවිධ පුද්ගලයන් විසින් මුහුදු පතුළට යටින් උමගක් කැනීම් පිළිබඳ අදහස් පළ කළත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවීය.      
1974 දී ද මෙම උමග කැණීම යළි පටන් ගත්තත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එකතුවී ශබ්දයේ වේගය මෙන් දෙගුණයකට වඩා වේගයෙන් පියාසකර කළ හැකි කොන්කෝර්ඩ් (CONCORD) ගුවන් යානය නිපදවීමෙන් මේ දෙරට එක්වූ විට ​ෙලාව විෂ්මයට පත් කරන දේ කළ හැකි බව ලොවට පෙන්නුම් කර තිබුණි.      


ඉංග්‍රීසි චැනලයකට යටින් උමගක් කැණීම පිළිබඳව මෙන්ම උමගේ අනිකුත් කාර්යයන් සඳහා කටයුතු කිරීම පිණිසත් 1986 අගෝස්තු 13දා සමාගමක් පිහිටුවන ලදී. වාහන ගමනා ගමනය සඳහා වූ උමගක් ඉදිකිරීම එංගලන්තයේ අදහස වුවත් දුම්රිය ගමනා ගමනය ගැන විශේෂ දක්ෂතාවයක් දැක්වූ ප්‍රංශයේ අදහස වූයේ දුම්රිය ගමනා ගමනය සඳහා පමණක් වූ උමගක් ඉදිකිරීමයි. විවිධ හේතූන් සැලකිල්ලට ගැනීමෙන් පසු එංගලන්තය ප්‍රංශයේ අදහසට එකඟ විය.   


දුම්රිය ධාවනය සඳහා මීටර් 7.6ක (අඩි 25ක) විෂ්කම්භයකින් යුත් එකිනෙකට අඩි 30ක දුරකින් යුත් උමං දෙකක් හා මෙම උමං දෙක අතර මීටර් 4.8 (අඩි 16)ක විෂ්කම්භයකින් යුත් උමගකුත් ඇතුළුව උමං තුනක් කැණීමට තීරණය කරන ලදී.   


මීටර් 4.8 ක විෂ්කම්භයකින් යුත් කුඩා උමග කැණීම 1988 දී ආරම්භ කළේ උමං කැණීමේ දී ඇතිවිය හැකි නොයෙකුත් ගැටලු හා භූගත තත්ත්වය පරීක්ෂා කිරීමේ නියමු උමගක් (PILOT TUNNEL) ලෙසත්ය. මෙම උමග හදිසි අවස්ථාවල දී ප්‍රයෝජනයට ගැනීම සඳහාත් නොයෙකුත් නඩත්තු කිරීම් කටයුතු සඳහාත් වෙනත් සේවා කටයුතු සඳහාත්  වූ උමගක් බැවින් ‘සේවා උමග’ (SERVICE TUNNEL) ලෙස නම් කරන ලදී. ටික දිනකට පසුව අනිකුත් දුම්රිය උමං දෙක කැණීමත් ආරම්භ කරන ලදී.   

 


උමං කැණීම පිණිස ප්‍රංශය ටීබීඑම් යන්ත්‍ර 5ක්ද එංගලන්තය 6ක්ද යොදා ගන්නා ලදී. මෙම යන්ත්‍ර මීටර් 800ක පමණ දිගින් යුත් බැවිනුත් අධික බර නිසාත් මේ යන්ත්‍රවල කොටස් සිරස් අතට කනින ලද සිදුරු තුලින් උමන් තුළට බැස්සීමෙන් පසුව යන්ත්‍ර නැවත සවිකරන ලදී. මෙම යන්ත්‍ර කොටස් උමං තුළට බැස්සවීම සඳහා කැලේ නගරය අසල සන්නම් (SANG ATTE) ප්‍රදේශයේ කණින ලද සිදුර හෙවත් ‘සන්නම් ළිඳ’ කොතරම් විශාල ද යත් මේ ළිඳ තුලින් පැරිස් නගරයේ ඇති අති විශාල එතුවාල් කුලුන (ARC DE TRIUMP) බැස්සවිය හැකි විය. උමං කණින ලද්දේ උමග තුළට බැස්සවූ ටීබීඑම් යන්ත්‍ර මගිනි.   


යුරෝ ටනලය ඉදිකිරීම සම්පූර්ණ කිරීමෙන් පසුව උමං කැණීමට ප්‍රංශය යොදාගත් එක් ටීබීඑම් යන්ත්‍රයක් ප්‍රංශයේ කැලේ නගරයට නුදුරුව ඇති ප්‍රංශ A 16 අධිවේගී මාර්ගයේ 41 වැනි මංසන්ධිය අසල වට රවුමේ තබා ඇති අතර ‘උමග කණින ලද සේවකයන්ට උපහාරයකි’ යනුවෙන් එහි සඳහන් කර ඇත.   


එංගලන්තය ද එක් ටීබීඑම් යන්ත්‍රයක් ​ෙෆා්ක්ස්ටෝන් (FOLKESTOWN) නගරය අසල එම්. විස්ස (m 20) අධිවේගී මාර්ගයේ ප්‍රදර්ශනයට තබා තිබුණේ පසුව ඊ බේ (E BAY) මගින් බ්‍රිතාන්‍ය පවුම් 39,999කට විකුණා දමන ලදී. සමහර ටීබීඑම් යන්ත්‍ර පොළව තුළට වැළලි යාමට ඉඩ හැරියේය.   


ප්‍රංශයේ කැලේ නගරය අසලින් කොකෙල් (COQUELLES) පෙදෙසින් කැණීම් ආරම්භ කළ උමං ටිකින් ටික ක්‍රම ක්‍රමයෙන් තව තවත් පොළවට යටින් කැණීම කර​ෙගන ගොස් මුහුදු පතුළට මීටර් 40ක් පමණ යටට ළඟා වූයේ කි​ෙලා්මීටර් 3.3 (හැ:2 ) ක් දිගට කැණීමෙන් අනතුරුවය. එංගලන්තයේ දොවර් නගරය අසල ​ෙෆා්ක්ස්ටෝන් වලින් කැණීම ආරම්භ කරන ලද උමං මුහුදු පතුළට ළඟා වූයේ කි​ෙලා්මීටර් 9.3 (සැ.6) ක් දිගට කැණීමෙන් පසුවය.   


දෙපැත්තෙන් ආ උමං දෙක එක්කොට තනි උමගක් බවට පත් කිරීමට මුහුදු පතුළට යටින් තවත් කිලෝමීටර් 37.9 ක් කැණිය යුතු විය. ගොඩබිමට පමණක් යටින් ඇති කොටස් දෙක හා මුහුදු පතුළට යටින් ඇති කොටසක් එක් වූ විට ඇතිවන ටනලයේ මුළු දිග කි​ෙලා්මීටර් 50.45 (හැතැ 31.35) ක් විය.   


මුහුදු පතුළට යටින් උමං කැණීම ආරම්භ වෙද්දී වතුර කාන්දුවීම, උමං බිත්තිවල විවර ඇතිවීම්, උමං බිත්තිවල පස් කඩා වැටීම් වැනි ආපදා ඇති වෙන්නට පටන් ගත්තේය. එංගලන්ත පැත්තෙන් මුහුදු පතුළට ළඟා වෙද්දී මහා වර්ෂාවෙන් උමග තුළට මුහුදු වතුර කාන්දුවෙන්නට විය. මේ හේතු නිසා ඇති විශේෂ කොන්ක්‍රීට් යෙදා ඉතා ඝණකමට උමං බිත්ති ශක්තිමත් කළ යුතු විය.   
මේ සියලු බාධක මැඩපවත්වා ගනිමින් දෙපැත්තෙන්ම උමන් කැණීම නොනවත්වාම කරගෙන යන ලදී.   


යුරෝ ටනලය කැණීම පටන්ගෙන අවුරුදු දෙකකට පමණ පසු 1990 දෙසැම්බර් 1දා උමග කැණීමට සහභාගි වූ සේවකයන් දෙදෙනකු වූ ඉංග්‍රීසි ජාතික ග්‍රෙනැම් ෆැග් (GREAAM FAGG) හා ප්‍රංශ ජාතික පිලිප් කොසෙත් (PHILIPPE COZETTE) මාධ්‍යවේදීන් ඉදිරියේ සේවා උමං දෙක යා කරනු ලැබූ කුඩා සිදුරක් තුලින් අතට අත දෙනු ප්‍රංශ හා බ්‍රිතාන්‍ය ජනතාවට පමණක් නොව ලෝකයේ බො​ෙහා් රටවල ජනතාවට රූපවාහිනියෙන් දැක ගත හැකි විය. මෙම සිදුර තුලින් ප්‍රංශ හා ඉංග්‍රීසි ජාතික ධජ ද හුවමාරු විය.   


මෙම සිදුර ​හොඳින් වැඩුණු යුරෝපා ජාතිකයකුට පහසුවෙන් ගමන් කිරීමට හැකිසේ විශාල කිරීමෙන් පසු ඉංග්‍රීසි ජාතිකයන් සිදුර තුලින් ප්‍රංශ ​ෙස්වකයන් සිටි පැත්තට ගොස් එහි මේසයක් මත තිබූ ෂැම්පේන් පානය කළ අතර ප්‍රංශ ජාතිකයන් ඉංග්‍රීසි පැත්තට සිදුර තුලින් පැමිණ මේසයක් මත තබා තිබූ ඛනිජ ජලය (MINERAL WATER) පානය කළේ ඒ ඒ පැතිවල මේසය වටා තිබූ පුටුවල වාඩිවී සිටිමිනි.   
මුහුදු පතුළට යටින් ඇති උමග කිලෝමීටර් 37.9 (හැ. 23.5) සාමාන්‍යයෙන් මුහුදු පතුළට මීටර් 50කට යටින් ඇති අතර ගැඹුරුම ස්ථානය ඇත්තේ මුහුදු පතුලට මීටර් 75 (අඩි 250) ක් පහළිනි. නැතහොත් මුහුදු ජල මට්ටමට මීටර් 115 (අඩි 380) ක් පහළිනි.   
යු​ෙරා් ටනලය ඉදිකිරීම සඳහා පවුම් බිලියන 4.7ක් වැයවේ යැයි බලාපොරොත්තු වුවද වැයවූ මුළු මුදල පවුම් බිලියන 9.5ක් විය. උමග ඉදිකර අවසන් කිරීම සඳහා අවුරුදු 7ක් ගතවූ අතර සේවකයන් 7000ක් පමණ සහභාගී වූහ.   


1993 දී උමග ඉදිකිරීම් මුළුමනින්ම අවසන් වූ පසු 1993 ජූනි 20 වැනිදා උමග තුලින් ප්‍රථම වරට බ්‍රිතාන්‍ය දක්වා දුම්රියක් ගමන් ගත්තේය.   


බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනත් එවකට ප්‍රංශ ජනාධිපති වූ ප්‍රන්ශුවා මිතරෝනුත් ද 1994 මැයි 6දා මෙම උමග යුරෝ ටනලය නිල වශයෙන් විවෘත කරන ලදී.   


මුහුදු පතුළට යටින් ඇති ලෝකයේ දිගම උමග LONGEST UNDERWTTER TUNNEL IN THE WORLD ​ෙලස යුරෝ ටනලය ලෝක වාර්තාවක් පිහිටුවිය.   


ඉඳුරුවේ හබක්කල 
රංජිත් ප්‍රියංකර අමරසේකර 
එංගලන්තයේ සිට