මාලනී ෆොන්සේකා උපහාර උළෙල අද ඉතාලියේ රෝම නගරයේදී


 

වසර 72ක් වූ සිංහල සිනමා වංශ කතාවේ වසර 50ක් පුරා තම නොමැකෙන සලකුණ තබා නිළි රැජින ලෙස විරුදාවලි ලත් මාලනී ෆොන්සේකාගේ නිර්මාණ අගය කිරීමේ සහ ඇයට උපහාර පිදීමේ උළෙලක් ඉතාලියේ රෝම නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික කලාකාමී රසවතුන් පිරිසක් විසින් සංවිධානය කරනු ලැබ ඇත.  


මෙහි සංවිධාන කටයුතු කරනු ලබන්නේ රෝමයේ සුදත් රෝහණ මහතායි. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැක බලා ගැනීම සඳහා ඉහළ මට්ටමේ කලාකරුවන් ගෙන්වා ඔවුන්ගේ නිර්මණ පෙන්වීමට කටයුතු කිරීම විශිෂ්ඨත්වයකි. මෙවැනි රටක යුරෝපයේ තම රාජකාරි කටයුතු කරමින් මෙවන් සේවාවක් කිරීම සෑම කෙනකුටම කළ නොහැකි කාර්යයකි. ඒ සඳහා විශේෂ කැපවීම් රාශියක් කළ යුතු වේ. දේශගුණය, රාජකාරිය, කාල වේලාව අසාමාන්‍ය බලපෑම් ඇති කරයි. මේවා මැඩපවත්වාගෙන මෙවන් කාර්යයන් සඳහා කැපවීම අප අැගයිය යුතුය.   


රෝමයේ Sala Cine Teatro E, Vigano, Piazza A. Fradeletto, 01 මෙම ස්ථානයේදී ‘‘මාලිනී ෆොන්සේකා උපහාර උළෙල’’ අද පෙබරවාරි මස 24 වැනි ඉරු දින සවස 3.00ට පැවැත්වේ.  

 


අනෝමා ගමලත්  
රෝමය ඉතාලිය