ත්‍රිපිටකාභිවන්දනා මහෝත්සවය රෝම ශාක්‍යමුණි විහාරයේදී


 

පිරිසිදු ථෙරවාදී බුදු දහම චිරාත් කාලයක් ලෝකයේ සුරක්‍ෂිත වීම සඳහා ත්‍රිපිටක සාහිත්‍යය ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ මූලික කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිදු කිරීම ඉතාමත්ම ප්‍රසංසනීය වූ උතුම් කටයුත්තකි. ජාතික උරුමයක් වූ ත්‍රිපිටක සාහිත්‍යය ලෝක උරුමයක් ලෙසට වන්දනීයත්වයට පාත්‍ර වීම සුවහසක් බෞද්ධ ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුය. මෙය සම්බුද්ධ සාසනයට කළ මහා ගෞරවයකි.   


මාර්තු මස දහසය වැනි දින සිට මාර්තු මස විසිතුන් වැනි දින දක්වා කාලය තුළ පුරා සතියක් ත්‍රිපිටකාභි වන්දනා යන මැයෙන් ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයකම ද ලෝකයේ සෑම රටකම විහාරස්ථානයකම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳුවූ ශ්‍රී දළද‌ා වහන්සේ අභියස ද විශේෂිත වූ පිංකම් පැවැත්වෙන අතරේ රෝම ශාක්‍ය මුනි විහාරයේ ද ත්‍රිපිටකාභි වන්දනා සතිය මුල් කරගෙන ඉතාමත් සුමධුර වූ අටවිසි බුද්ධ වන්දනාවමය පිංකමක් ශාක්‍ය මුනි විහාරාධිපති කටුවන සිද්දත්ථ වහන්සේගේ ප්‍රධානත්වයෙන් 17 වැනි ඉරු දින සවස් භාගයේ පැවැත්වූහ.  


මෙම උතුම් කටයුත්තට රෝමයේ වෙසෙන බෞද්ධ ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් අමාත්‍ය උපදේශක සෝමසේන මහදිවුල්වැව මහත්මා සහ එම මහත්මිය සහභාගී වී සිටීම ද විශේෂත්වයකි.   

 

 

 

 


ප්‍රේමා කංකානම්ගේ
ජායාරූප - 
ශම්මි ගුණතිලක සහ සංසලා නිශාදි
රෝමය