(කුෂාන් ජයවර්ධන)
පලාගල ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම පැවැත්වෙන ශාලාව තුළට ජංගම දුරකන රැගෙන ඒම ලබන සභා වාරයේ සිට තහනම් කිරීමට අද(13) පැවැති රැස්වීමේදී තිරණයක් ගෙන තිබේ.
මෙවර රැස්වීම සභාපති ආර්.ඒ වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සභාපතිවරයා සමඟ විපක්ෂ මන්ත්‍රීවරයකු සිදුකර ඇති දුරකතන සංවාදයක් ආණ්ඩුපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර බෙදීමක් ඇති කිරීමට ඉකුත් දිනවල විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු කටයුතු කර තිබීම ඊට හේතුව ලෙස එහිදී සඳහන් කළේය.
පලාගල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ජයතිලක බංඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ කරුණු අද පැවැති සභා රැස්වීමේදී හෙළි කළේය.
සභා රැස්වීමේ දී හා පෞද්ගලිකව කරනු ලබන කතා හා සාකච්ඡා පෞද්ගලික දුරකතන මගින් පටිගත කර ගෙන පහත් දේශපාලන උවමනාවන්වෙනුවෙන් යොදා ගැනීමට විපක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කිරීම පිළිකුලින් යුතුව හෙළා දකින බවද සභාපතිවරයා මෙහිදී පැවැසීය.
ඒ අනුව ලබන සභා වාරයේ සිට සභා ශාලාව තුළට මන්ත්‍රීවරුන්ට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කරන ලෙස සභාපතිවරයා එහි ලේකම්වරියට අද පැවැති මාසික රැස්වීමේදී දැනුම්දෙනු ලැබීය.



2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘පලාගල ප්‍රා. සභා රැස්වීමට ජංගම දුරකතන තහනම් ‘