(මොහොමඩ් ආසික්)
පානීය ජල හිඟයකට මුහුණ දී සිටින හාරිස්පත්තුවේ බෝගහකන්ද ඇතුළු ගම්මාන පහක ගම්වාසීහු තමන්ට ජලය නොදී කිසිදු මැතිවරණයක් සඳහා ඡන්දය ඉල්ලීමට සිය ගම්මානවලට නොඑන්නැයි අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිති.
මහවැලි ගඟ ඉස්මත්තේ පිහිටා ඇති බෝගහකන්ද ගම්මානය අවට ගම්මාන පහක පවුල් 2,000 කට වැඩි ප්‍රමාණයක් මෙම ජල හිඟයකට මුහුණ දී සිටින බවත් ඔවුහූ කියති.
වසර ගණනාවක් තිස්සේ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයකට තම වුවමනාව පැවසුවද මේ වන තුරුම පානීය ජලය ලබා දී නොමැති බව ඔවුහු පැවසූහ.
හාරිස්පත්තුව බෝගහකන්ද ගම්මානයට පිවිසෙන මාර්ගය ආසන්නයේ මේ බව සඳහන් කරමින් විශාල බැනරයක් ද ඔවුන් ප්‍රදර්ශනය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටවත් දැන් ඉන්න බහුතර මන්ත්‍රීලා, ඇමතිලාට ගෙවල් වලට එන්න දෙන්න එපා. ඒ අය එක්කෙනෙක්වත් සුදුසු අය නෙවි
හරියට හරි. ලංකාවේ හැමෝම කරන්න ඕනේ මේවිදියට. දුන්පොරෝන්දු ඉෂ්ට නොකරන එකෙකුට එන්නේ දෙන්නේ නැතිව එලෙවන්න. හු කියලා යන්නේ නැතිනම් දුම්මල ගහලා හරි එලවන්න. මොන පක්ෂයේ උනත් කම් නැත. එක්කෝ උන් ඉඳියි නැතිනම් පොදු ජනයා මෙරට ඉඳියි.