(අජිත්ලාල් ශාන්තඋදය, මහින්ද අබේරත්න සහ වයි.ඒ.එස්.වීරවංශ)
හම්බෙගමුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී අද (27) බෝම්බයක් හමුවූ බව හම්බෙගමුව පොලිසිය පැවසීය.
හම්බෙගමුව වේලිඔය ප‍්‍රධාන මාර්ගයේ සිට මීටර් 50ක් පමණ දුරින් වූ ඉඩමකින් එය හමුවී තිබේ. ඉඩමේ නිවසක් තැනීමට එළිකර පොළොව සැකසීමේ දී මෙම බෝම්බය හමුවී ඇත.
බෝම්බය හමුවූ ස්ථානයට මිටර් 20ක් පමණ දුරින් සංචාරක නිකේතනයක් ද ඇති බව පොලිසිය කියයි. මෙම බෝම්බය කවුරුන් හෝ ගෙන දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd