IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


විල්පත්තු මායිමේ තවත් අක්කර 1500ක ව්‍යාපෘතියක්

(බිඟුන් මේනක ගමගේ)

විල්පත්තු ජාතික වන උද්‍යානයේ දකුණු මායිමේ ස්වාරක්ෂිත කලාපයේ අක්කර 1500 ක කෝමාරිකා වගාවක් සඳහා යැයි කියමින් අනවසරයෙන් එළිපෙහෙළි කර සංවර්ධන කටයුතු කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

ජාතික වන උද්‍යානයේ දකුණු මායිමේ රාජාංගණය යාය 18 ප්‍රදේශයේ ඕරා ලංකා නමැති පෞද්ගලික සමාගමක් විසින් මෙම එළි පෙහෙළි කරනු ලැබ ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතත් වන ජීවී සංරක්ෂණ ආඥා පනතත් උල්ලංඝනය වන අයුරින් මෙම කටයුතු සිදුවන නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට එරෙහිව නීතිමය පියවර ගෙන නැතැයි ද පරිසරවේදීහු චෝදනා කරති.

අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඕරා ලංකා ආයතනය වෙනුවෙන් අන්තර්ජාලයට නිකුත් කර ඇති වීඩියෝවක අක්කර 1500 ක කෝමාරිකා පැල තවානක් දැමීමට මෙම එළි පෙහෙළිය සිදුවන්නේ යැයි ද ඒ යටතේ මුළු දිවයින පුරාම අක්කර ලක්ෂයක කෝමාරිකා වගාවක් කෙරෙන්නේ යැයි ද සඳහන් වේ.

මෙම කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් මුදලක් ආයෝජනය කෙරෙන්නේ යැයි ද කාබනික වගාවක් හැටියට කෙරෙන නිෂ්පාදනය මුළුමනින්ම යුරෝපා වෙළෙඳපොල ඉලක්ක කරගන්නේ යැයි ද එහි සඳහන් වේ.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව ස්වාභාවික රක්ෂිත ප්‍රදේශයක මායිමෙන් සැතපුමක් දුර ඇතුළත කෙරෙන සංවර්ධන කටයුත්තකදී වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ගත යුතු වුවද මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි අවසරයක් ගෙන නැතැයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මේ ගැන රාජාංගණය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක් වූ අතර එම කාර්යාලයේ දුරකථන අංක පහෙන් තුනක්ම භාවිතයේ නැති බවට ප්‍රතිචාර දැක්විණි.

 



අදහස් (1)

විල්පත්තු මායිමේ තවත් අක්කර 1500ක ව්‍යාපෘතියක්

Pradeep Wednesday, 26 February 2020 01:56 PM

මෙම පත්‍රයේම පුවතක පළවුනා පළාත් කීපයක උෂ්ණත්වය හෙට දිනයේ වැඩිවෙන බවක්. සමහර පැති වලට පානිය ජලය නෑ. එහෙම වාතාවරණයක් රටේ තිබියදීත් අපි තව තවත් වනාන්තර එලි පෙහෙළි කරමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 957 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1021 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 406 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site