(ටෝනි කරුණානායක)
පොලිසිය ලුහුබැඳ එන අවස්ථාවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දී වැන් රථයකින් එළියට විසි කරන ලද ටි 56 ගිනි අවිය සහ මැගසින් 04 යම් අපරාධයකට සම්බන්ධ දැයි සහ එය එලියට විසි කල වැන් රථ රියදුරු සමඟ වැන් රථය අත්අඩංගුවට ගැනීමට සදහා ගම්පහ සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන මගින් පරික්ෂණ ආරම්භ තිබේ .
අද දහවල් (06) ගම්පහ කොට්ඨාසයේ විශේෂ යතුරුපැදි ඒකකයේ නිලධාරින් ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ වාහන සෝදිසි මෙහෙයුම් රාජකාරියේ යෙදි සිටින අවස්ථාවේ මෝටර් රථයක් පැමිණ තිබේ .
එම වාහනය නවතා පොලිස් නිලධාරින් වාහනයේ බලපත්‍ර පරික්ෂා කරන අවස්ථාවේ රියදුරු වැන් රථයෙන් පලාගොස් ඇති අතර පොලිස් යතුරුපැදි 02ක වැන් රථය පසුපස හබා ගොස් තිබේ .
වැන් රථ ය තුළ තිබූ පාර්සලය එලියට විසි කර වැන් රථය පලාගොස් තිබූ අතර පාර්සලය පරීක්ෂා කිරිමේදි ටී 56 ගිනි අවිය සහ පතුරම් ගැබ් 4 හමුවී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.