(කේෂර ගුණතිලක)

දඹගල්ල දැලිව ප්‍රදේශයේ වැවක ගිලී මියගොස් සිටි 45හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද(03) දඹගල්ල පොලීසිය සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල රුවල්වෙල දැලිව පදිංචි ටී.ආර්.එම් අමරදාස නැමති අවිවාහක පුද්ගලයෙකි.

හෙතෙම ඉකුත් (02) වෙනිදා උදෑසන නිවසින් පිටවගොස් තිබෙන අතර ආපසු නොපැමිණීම නිසා ඥාතීන් පොලීසියට දැනුම්දී ඇත.පසුව පොලීසිය හා ගම්වාසීන් එක්ව දැලිව පිහිටි කොස්ගස්අරාව වැවේ තිබී අතුරුදහන්වූ පුද්ගලයාගේ මළසිරුර සොයාගෙන ඇත.

මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය අද  (03) පැවැත්වීමට නියමිතව ඇත.

දඹගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජී.එස්  ජයවීර මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.