(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව හතමුණ හරහා හිඟුක්ගොඩ මාර්ගයේ නයිපෙන විහාරය අසලදී අද(17) යතුරු පැදියක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොළොන්නරුව, බැඳිවැව, සමුද්‍රගම, අංක 59 ලිපිනයේ පදිංචි කේ.ඩී.ජයන්ත වීරසේන නැමැති 55 හැවිරිදි දෙදරු පියෙකි.
හෙතෙම මාර්ග සංවර්ධන අධිකාරියේ සහකාර ඉංජිනේරුවරයෙකු බවද හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
යතුරුපැදියේ ගැටුණු මෝටර් රථයේ රියැදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට