IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මොරටුවේ කතකගේ මළ සිරුරක් අම්බලන්ගොඩ වෙරළ තීරයේ

 

(එම්. සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ රන්දොඹේ වෙරළ තීරයට අද (17) රාත්‍රියේ ගොඩ ගසා තිබූ කාන්තා මළසිරුරක් සොයා ගත් බව අම්බ්ලන්ගොඩ පොලීසිය කියයි.

මොරටුව පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි ඩෝරා මෙන්ඩිස් නමැත්තියෙගේ මළ සිරුර මෙසේ සොයා ගත් බවද පොලීසිය කියයි.

මොරටුව ප්‍රද්ශයේ පදිංචි කාන්තාවකගේ මළ සිරුරක් අම්බලන්ගොඩ වෙරල තීරයක ගොඩ ගසා තිබීම දැඩි සැකයට තුඩුදුන් කාරණයක් බවද පොලීසිය කියයි.

මිය ගිය තැනැත්තියට කොරෝනා ආසාධනය වී ඇත්දැයි සෙවීම සදහා පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන බවද පොලීසිය කියයි.

මේ කාන්තාවගේ දේහය බලපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස මිය ගිය තැනැත්තියගේ මරන පරීක්ෂණය සදහා ඇය ගොඩ ගසා තිබූ වෙරළ තීරයට පැමිණි බලපිටිය මූලික රෝහල් මරණ පරීක්ෂිකා කේ. වගාඅරච්චි මහත්මිය පොලීසියට නියෝග කළාය.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මොරටුවේ කතකගේ මළ සිරුරක් අම්බලන්ගොඩ වෙරළ තීරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site