(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශයේ කුඹුරු යායකට මෙතෙක් කල්මඩුකුලම් වැවෙන් ලබා දුන් ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 120 ක් පමණ විනාශ වී යාමේ දැඩි අවදානමක් පවතින බවට ගොවීහු කියා සිටිති.
මුලතිව් හා කිලිනොච්චිය අතර පිහිටි කල්මඩුකුලම් වැවේ ජලයෙන් වසර ගණනාවක් පුරා මහකන්නයේ ගොවිතැන් කටයුතු කිරීමෙන් පසු වැඩි ජලය වැවේ බටහිරින් පිහිටි විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශවල කුඹුරු වෙත ලබා දී තිබිණි.
මෙවර යල්කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරුවලට ජලය ලබා දීම වහාම නැවත්වීමට කල්මඩුකුලම් වැවේ ගොවි සංගමය පියවර ගෙන ඇත.
මේ හේතුව නිසාවෙන් විෂ්වමඩු හා නෙත්තලිආරු කුඹුරුවලට ජලය නොමැති වීමෙන් සියලු ගොයම් පැළ විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි ද කල්මඩුකුලම් වැවේ ජලය ලබාදෙන්නැයිද ගොවීහු ඉල්ලා සිටිති.
මේ අතර ගොවිතැන් කළ ගොවීන් පිරිසක් කල්මඩුකුලම් වැවේ ගොවිසංගමය සමග සාකච්ඡා කර ඇති අතර එහිදී ගොවි සංගමය විසින් පවසා ඇත්තේ මේ දිනවල දිවයින පුරා පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් කල්මඩුකුලම් වැවේ ජලය ගොවිතැනට ලබාදුනහොත් කල්මඩුකුලම්වාසීන් විශාල ප්‍රමාණයක් විපතට පත්වන බවය.
මේ සම්බන්ධයෙන් සියලු ගොවි සංගම් සමග සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බව ගොවි සංගමය පවසා ඇත.



2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුලතිව් කුඹුරුයායකට ජලය නොදීමෙන් ගොවීන් අමාරුවේ