IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාතලේ නාගරික කොමසාරිස්ට තර්ජනය කිරීමට එරෙහිව විරෝධතාවක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ  නගරාධිපතිවරයාගේ නිල රියදුරා විසින් මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට බැන තර්ජනය කිරිමට විරෝධය දක්වමින් නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු සිව්දෙනෙක් අද (16) දින නගර සභවේ ගේට්ටුව ඉදිරිපිට බිම වාඩිවී විරෝධතාවක නිරතවූහ.
 
ඊයේ  (15) වන දින  නගරාධිපතිවරයාගේ රියදුරු සමග තවත් රියදුරෙකු (14) වන දින රාත්‍රියේ නිසි අවසරයකින් තොරව නගර සභාව සතු  රථ  දෙකක් රැගෙනගොස් ඇති බවට නාගරික කොමසාරිස්වරයාට ලැබුණු තොරතුකට අනුව ඒ පිලිබද එම රියදුරන්ගෙන් විමසා මින් ඉදිරියට එවැනි ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් එවැන්නක් සිදු කලහොත් නිතිමය පියවර ගන්නා බවට නගරික කොමසාරිස්වරයා විසින් රියදුරන්ට දන්වා තිබේ.
 
එම ප්‍රකාශයට එරෙහිවු රියදුරන් හා නගරාධිපතිවරයා  නාගරික කොමසාරිස්වරයරයාට බැණ තර්ජනය කළ බවට නාගරික කොමසාරිස්වරයා විසින් ඊයේ (15) දින මාතලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. නමුත් ඒ පැමිණිල්ලට මේ වනතුරුත් පොලිසිය ක්‍රියාත්මක නොවිමට හා දිගින් දිගටම නිළධාරීන්ට හා නාගරික මන්ත්‍රීවරුන්ට සිදුවන මැරතර්ජයන්ට එරෙහිව උප නගරාධිපති සන්දනම් ප්‍රකාශ් හා අමිල නිරෝෂන එම් වීරසිංහ (පොදුජන පෙරමුණ ) හා එම් නිලාෆ් (ජවිපෙ) මන්ත්‍රිවරු විරෝධතාවේ නිරත වුහ.



අදහස් (0)

මාතලේ නාගරික කොමසාරිස්ට තර්ජනය කිරීමට එරෙහිව විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site