Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 අප්‍රේල් මස 18 වන ඉරිදා
(රංජිත් රාජපක්ෂ)
තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(28) බඹරු ඇනීම හේතුවෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 6දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් තේ වත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට උදෑසන තේ වත්තේ ගසක් මත බැඳ තිබූ බඹර වදයක සිටි බඹරු ඇන තිබේ.
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග බඹරුන් ඇවිස්සී තමන්ට පහර දුන් බවත්, ඉන් 8දෙනෙකු තුවාල ලැබුවද බරපතල තත්ත්වයේ සිටි කාන්තාවන් 06 දෙනෙකු පමණක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බවද වතු පාලන අධිකාරිය පවසයි.
තේ වතු ආශ්‍රිතව විශාල ගස් සහ තේ පඳුරු මත මේ දිනවල විශාල වශයෙන් බඹර වද බැඳ ඇති බවත්, ඒ අසල සිටින පිරිසට බඹරු අනින බවත් වතු කම්කරුවෝ කියා සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.