IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බදුල්ලේ කොණ්ඩා කැපීමේ ස්ථාන 18 ක් විවෘත කරන්න අවසර

එෆ්.අස්ලම් 

බදුල්ල නගරයේ නිසි සෞඛ්‍ය උපදෙස් හා කොන්දේසි සම්පූර්ණ කරගත් සැලූන් 18ක් සහ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන 2ක් විවෘතව පවත්වාගෙන යාම සදහා අවසර ලබාදුන් බව බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.

බදුල්ල නගරයේ පිහිටි සැලූන් සහ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක් අතරින් අයදුම්පත් ඉදිරිපත් කළ සැලූන් හා රූපලාවන්‍ය මධ්‍යස්ථාන 35ක් අතරින් සෞඛ්‍ය උපදෙස් හා කොන්දේසි සම්පූර්ණ කල ස්ථාන සදහා මෙලෙස අවසර ලබාදුන් බවද නගරාධිපතිවරයා කීය.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග අඩාල වූ ජන ජීවිතය යතාවත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් හා කොන්දේසිවලට අනුකුලව  සැලූන් සහ රූපලාවන්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සදහා   උපදෙස් මාලාවක්   බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදී තිබුණි.

කොන්ඩා කපන  සැලූන් සදහා එක් අයෙකු වෙනුවෙන් එක් තුවායක් පරිහරණය කිරීම සහ තවත් අයෙකුගේ කොන්ඩය කපන අවස්ථාවක තුවා,රෙදිකැබලි,කොන්ඩා කපන යන්ත්‍ර කතුරු දැලි පිහි ආදිය විෂභීජහරණය කිරීම අනිවාර්ය වීම, සැලූන් තුළ  කරනවෑමීන් සහ සේවාදායකයින් අතර මීටරේ පරතරය රැදෙන ආකාරයෙන් ආසන වෙන්කරලීම, රැවුල් කැපීම සිදුනොකිරීම,  සැලූන් සදහා ප්‍රවිෂ්ඨ වීමේදී විෂභීජහරණ දියර භාවිතා කරවා පුද්ගලයින් ඇතුළු කර ගැනීම ආදී   කොන්දේසි සපුරාලීම අනිවාර්‍ය බව බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රනිල් ප්‍රියංකර මහතා සදහන් කාලේය.

ඒ අනුව විවෘත කිරීම සදහා අවසර ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කරන සැලූන් සහ රූපලාවන්‍ය මධ්‍යස්ථාන බදුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ දෛනික අධීක්ෂණයට ලක් කිරීමත් සෞඛ්‍ය උපදෙස් හා කොන්දේසි වලට අනුකූලව සකස් කරගත් ස්ථාන පරීක්ෂා කර ඊට අවසර ලබා දීම පිළිබද ඉදිරි දින කිහිපය තුළ තීරණය කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය.

බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ උපදෙස් මත මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත ගුණරත්න,මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන රනිල් ප්‍රියංකර,ප්‍රසාද් උපුල් කුමාර යන නිලදාරීහු මේ වෙනුවෙන් කටයුතු කර සිටිති.



අදහස් (0)

බදුල්ලේ කොණ්ඩා කැපීමේ ස්ථාන 18 ක් විවෘත කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site