(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙළ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වයිරසය මර්දනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ ජනතාවට සහන සැලසීම සඳහා නගර සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත වෙන් කළ බව බණ්ඩාරවෙල නගරාධිපති ජානක නිශාන්ත රත්නායක මහතා අද (28)පැවසීය.
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 1600 කට හෙට (29) රුපියල් 1500 ක් වටිනා වියළි ආහාර මල්ලක් ලබා දීමට නියමිත බවත් හාල් කිලෝ පහක්,පිටි කිලෝ දෙකක්,සිනි කිලෝ එකක් ,බී ලුණු කිලෝ එකක්,අල කිලෝ එකක් එම බඩු මල්ලේ අඩංගු වන බවත් නගරාධිපතිවරයා පැවසීය.
මෙම මුදල් ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ලිඛිත අනුමැතිය හා
උපදෙස් මත වෙන් කර ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බණ්ඩාරවෙළ පවුල් 1600 කට වියළි ආහාර මල්ලක්