IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පොළොන්නරුවේ ගොවීන්ට වගාවට ඇති තරම් වතුර තියෙනවා‘

(ඩබ්. ඒ. පියතිලක)

 ජලය හිඟකමින්  පොළොන්නරුවේ  කිසිඳු කුඹුරක් විනාශ වී නොමැති බවත්,  යල කන්නය සඳහා අවශ්‍ය තරම් ජලය ඇති  බවත් පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා  පවසයි.
 

මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය නිසා මෙවර පොළොන්නරුවේ වගා කර ඇති කුඹුරු අක්කර අසුපන්දාහ සඳහා කිසිදු ජල හිඟයකින් තොරව අවශ්‍ය තරම් ජලය ඇති   බව  ඒ මහතා කියයි.  
 
වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මෙසේ ද කියාසිටියි.

‘පොළොන්නරුවේ වගා කර ඇති මුළු ගොවිබිම්  ප්‍රමාණය වන අක්කර 85,000 සදහා කිසිඳු ජල හිඟයක් නැහැ. වගා බිම් කිසිවක් ජලය නොමැතිව විනාශ වී නැහැ.  බොහෝ දෙනා තමන්ගේ කුඹුරු මැරුණා  කියලා කීවාට ඒ මැරිලා තියෙන්නේ පහත් වතුරෙන් වැඩ කරන කුඹුරු. ඒවාට කියන්නේ අගාවත් කියලා.
 
මීට පෙර කන්න කිපයක්ම යල කන්නයේ  පොළොන්නරුවේ ගොවීන් වගා කළේ බෙත් ක්‍රමයට. නමුත් ජනාධිපතිතුමාගේ මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය නිසා කිසිදු බාධාවකින්  තොරව වගා කටයුතු කරනවා.   

ජලය සම්බන්ධයෙන් කුඩා ගැටලුවකට පත්ව සිටින්නේ කවුඩුල්ල වැව මුල් කරගෙන වගා කරන ගොවීන්. නමුත් කිසිදු ගොවියෙකු ඒ පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. මොකද මොරගහකන්ද ජලාශයෙන්  අක්කර අඩි එක්ලක්ෂ  දහදාහක ජලය ප්‍රමාණයක් අපට ගැනීමට තිබෙනවා.  ඒ අනුව  ඇළහැර ව්‍යාපාරයට අක්කර අඩි  40,000ක් ද  ගිරිතලේ වැවට අක්කර අඩි 12,000ක් ද ලබා දී මින්නේරිය වැවට ඉතිරිය ලබා දී,  එයින් අක්කර අඩි 4000ක් කවුඩුල්ල  වැවට ලබා දීමට කටයුතු  කරනවා.  මේ වනවිට අපි මොරගහකන්දේ සිට ජලය ලබා ගනිමින් සිටන්නේ. 

 
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ  අක්කර අඩි 57,000ක් ද  මින්නේරිය වැවේ අක්කර අඩි 57,000ක් ද   ගිරිතලේ අක්කර අඩි 8200ක්  සහ  කවුඩුල්ල වැවේ අක්කර අඩි 25,000ක් තියෙනවා. මදි අඩුපාඩු සඳහා අපි වැව්වලට ජලය ලබා ගනිමින් සිටින්නේ.  වගාවයි දේශපාලනයයි  පටලවා ගන්නේ නැතුව  ගොවියෙකුට හෝ ගොවි සංවිධානයකට ගැටලුවක් ඇත්නම් ඒ ඒ ප්‍රදේශය භාර වාරි මාර්ග ඉංජිනේරුවරයා හෝ මාව හමු වෙන ලෙස ඉල්ලා සිටිනවා ” යැයිද ඒ මහතා පවසයි.



අදහස් (0)

පොළොන්නරුවේ ගොවීන්ට වගාවට ඇති තරම් වතුර තියෙනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site