IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දැඩි නියඟයෙන් මඩකලපුවේ 64761 දෙනෙකු පීඩාවට


(ටී. එල්. ජ්වුෆර්කාන්)

මඩකලපුව  දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන්  පවුල් 23,335ක 64,761 දෙනෙකු  පීඩාවට පත්ව ඇති බව  දිස්ත්‍රික්කයේ  ආපදා සහන  සේවා  නිලධාරි  ආර්. සිවනාන්දන් මහතා පැවසීය.

වගාවට  ජලය ලබා දෙන පොරුගාමම්,  කෝවිල් පෝරතිවු,  වෙල්ලාවෙලි , පලුකාමම්, කලුතාව්ලයි, කලුවන්ච්චිකුඩි සහ මහිලුර්  යනාදී ප්‍රදේශවල  කුඩා වැව් මේ වනවිට සිඳී ගොසිනි.

පඩුවාන්කරයි  ප්‍රදේශයේ  බොහෝ ගම්මානවලට පානීය  ජලය  නොමැති බවද පළාත් පාලන ආයතන මගින් ජල බවුසර් මගින්  පානීය ජලය  බෙදාහැරියද ඒවා ප්‍රමාණවත් නොවන බවද  මහජතාව පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම්  කලාමති  පත්මරාජා මහත්මියගේ උපදෙස් මත,  ආපදා  සහන සේවා  අංශය මගින්  නියඟයෙන් පීඩාවට පත් ගම්මාන හඳුනාගෙන ජල බවුසර්  යොදා  පානිය ජලය බෙදාහැරීම්  ක්‍රියාව ආරම්භ කර ඇත.

ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 8 ක්  දායක වී ඇති අතර, පානීය ජලය බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 5.5ක මුදලක් යොදවා තිබේ.



අදහස් (0)

දැඩි නියඟයෙන් මඩකලපුවේ 64761 දෙනෙකු පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site